ජනාධිපතිට හැදිලා තියෙන ලෙඩේ මම දන්නවා - මංගල

තමන් වෛද්‍යවරයෙකු නොවුණ ද ජනාධිපතිවරයාට වැළඳී ඇති රෝගය පිළිබඳව දන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා ඊයේ ප්‍රකාශ කළේය.

එම රෝගය ඊයේ සිදුකරන ලද ප‍්‍රකාශ බරපතළ ලෙස අද වන විට අමතක වීම, දුන් පොරොන්දු අමතක වීමේ ඇම්නීසියාව නම් රෝගය බව මංගල සමරවීර මහතා මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් රොබට් ඕ බ්ලේක් මහතාට පෙර යුද අපරාධ චෝදනාව සම්බන්ධව ස්වාධීන පරීක්‍ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාව එක්සත් ජාතික පක්‍ෂය විසින් පෙන්වා දුන් බවද හෙතම කිව්වේය.

එවැනි ස්වාධීන පරීක්‍ෂණයක් රජය විසින් කළ හොත් මෙවැනි ලෝක අපවාද ලංකාවට එල්ල නොවන බව ද සමරවීර මහතා පැවසීය. කෙසේවුවද ඇතැම් ප‍්‍රධානීන්ට ජාත්‍යන්තර අපරාධ අධිකරණයක් හමුවට යාමට සිදුවීම වැළැක්විය නොහැකි කාරණාවක් බව ද මංගල සමරවීර මහතා කීය.

මෙහි දී මංගල සමරවීර මහතා වැඩි දුරටත් සඳහන් කළේ, දැනට කි‍්‍රයාත්මක උගත් පාඩම් සහ සංහිඳියාව වැනි කොමිසම් මගින් මෙම අඩුව පිරවීමට ආණ්ඩුවට නොහැකිවී ඇති බවයි. එදිහි සමරවීර මහතා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාට කියා සිටියේ 2005 ජනාධිපතිවරණ සමයේදී තමන් පෞද්ගලික මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු යෙදුණු අවස්ථාවක් වේ නම් එය ඉදිරිපත් කරන ලෙස අභියෝග කරන බවයි.

එසේ ඉදිරිපත් කළ නොහැකි නම් ප‍්‍රසිද්ධියේ සමාව ඉල්ලන ලෙස ද ඔහු අලහප්පෙරුම අමාත්‍යවරයාට කීය. 2005 ජනාධිපතිවරණ සමයෙහි තමන් රූපවාහිනී සංස්ථාවට ණය වී ඇති බව ඩලස් අලහප්පෙරුම මහතා ප‍්‍රකාශ කර ඇති බවත්, එම වගකීමෙන් තොර ප‍්‍රකාශය බවත් පෙන්වා දුන්නේය.

එම මැතිවරණ සමයෙහි ප‍්‍රධාන මැතිවරණ සම්බන්ධීකාරක ලෙස කටයුතු කළ තමන් විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් තම අත්සන සහිතව මාධ්‍ය ආයතන වෙත දැන්වීම් ලබාදුන් බව එහු මෙහිදී හෙළි කළේය.

එම සෑම දැන්වීමක්ම මහින්ද රාජපක්ෂ මහතාට ඡන්දය ලබාදෙන ලෙස සඳහන් වන ජාතික මට්ටමේ දැන්වීම් මිස එම එකදු දැන්වීමක හෝ තමන්ට ඡන්දය ලබාදෙන ලෙස සඳහන් නොකළ බව සමරවීර මහතා කියා සිටියේය.

නමුත් එම මැතිවරණ සමයේ ඩලස් අලහප්පෙරුම මහතා සිය වගකීම් ඉටු නොකර එක්සත් ජාතික පක්ෂය සමග මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්වූ පසු එම පක්ෂය සමග එක්වීම
<



/div>

පිළිබඳව රහස් සාකච්ඡා පැවැත්වූ බව ඔහු ප‍්‍රකාශ කළේය.

Tell a Friend