නිල වශයෙන් ප්‍රකාශිත අතුරුදහන් වුවන්ගේ සංකයාව 6000 ට වැඩියි.

සිකුරාදා ජපානයේ ඇති වූ බයානක බුමිකම්පාවෙන් මියගිය සංකයාව ඉස්තිරවම 6000 ට වැඩි බව අගහරුවාදා සිදු කල පොලිස් ගණනය කිරීම් වලින් හෙළි වේ.

ජාතික පොලිස් ඒජන්සිය ප්‍රකාශ කල ආකාරයට 2475 ක් මිය ගොස් ඇත. තව 3118 ක් අතුරුදහන්ව ඇත. නමුත් බුමිකම්පාව බලපෑ වෙරළ ප්‍රදේශ වලින් නාදුනන මලසිරිරු රැසක් සොයා ගෙන ඇත.

දැනට පොලිස් ඒජන්සිය මල සිරිරු 1060 ක් හදුනා ගෙන ඇති අතර මේවන විට එයින් 420 ක් පවුල් වලට ආපසු බාරදී ඇත.

ඕසිමාහි රෝහල් වල බරපතල ඉන්දන හිගයක් මෙන්ම තුවාලකරුවන්ට ප්‍රතිකාර කිරීම සදහා ප්‍රමාණවත් ඔවුෂද නැත. එහි නිලදාරීන් ප්‍රකාශ කරන ආකාරයට සොයා ගත් මල සිරුරු ගොඩ ගැසී ඇත. තවද මෘත ශරීර සහ මිනි පෙට්ටි තැබීමට අවශ්‍ය ඉඩ පහසුකම් නොමැත.

මේ අතර ගිනි හා ආපදා කළමනාකරණ ඒජන්සිය ප්‍රකාශ කරන ආකාරයට සදුදා රාත්‍රී 11 වන විට සම්පුර්ණයෙන් හෝ කොටසක් විනාශ වූ ගොඩනැගිලි සංකයාව 72,945 දක්වා වැඩි වී ඇත.