සදාම් උපන්බිමේ 53 දෙනෙක් වෙඩි තැබිමෙන් මරුට

අගහරුවාදා ඉරාකයේ හිටපු නායක සදාම් හුස්සේඉන්ගේ උපන් බිම වූ ටික්රිට් හි තුවක්කුකරුවන් විසින් සිදුකල වෙඩි තැබීමෙන් පුද්ගලයින් 53 දෙනෙක් මිය ගිය අතර 98 දෙනෙක් තුවාල ලැබිය.

මෙය සෙනග පිරි සිටි පළාත් සබා ගොඩනැගිල්ලකදී සිදු විය. මෙනිසා ටික්රිති හි ඇදිරි නිතිය පැනවීමට ද සිදු විය.

මෙම පළාත තුල මෙවැනි සිදුවීම් සුලබය. බැග්දග්හි ෂියා බලදාරීන්ට විරුද්දව නිරතුරුවම සුන්නි ඉස්ලාම් කැරලිකරුවන් ප්‍රහාර එල්ල කරති. මෙම සුළුතර සුන්නි ප්‍රජාවට සදාම් පාලන සමයේදී නොයෙකුත් වරප්‍රසාද හිමි විය.

ද ටිම්ස් ඔෆ් ඉන්දියා ඇසුරෙන්