EXCLUSIVE : ජනාධිපති රාජපක්ෂ සිවුරක් නැතිව පැවිදි වෙයි!

ලංකාවේ පාලන කාලය තුළදී රජයට ඇති බලය සංඝයා වහන්සේලා නියෝජනය කළ ආගමික සංස්ථාවටද හිමි විය. රාජාණ්ඩුව පැවති සමයේදීද රජතුමා වුවද ආගමික ස්වාමින් වහන්සේලාට ගරු සරු ඇතිව සැලකූ අතර ඔවුහු වැඳ නමස්කාර කොට සහ ඔවුන්ට ප්‍රමුඛත්වය දීමට කටයුතු කළහ. නමුත් ඊයේ මහින්ද රාජපක්ෂ " ගරු" ජනාධිපති තුමාගේ ප්‍රධානත්වයෙන් පැවති ආගමික උළෙලේදී පැවති සම්ප්‍රදාය සම්පූණයෙන්ම වෙනස් වී ඇති අකාරය දැක ගත හැකි විය. මෙම සේයාරුවෙන් සියලුම තොරතුරු හෙළිදරව් වන අතර ගරු විධායක ජනාධිපති තුමාගේ මානසික තත්වය තේරුම් ගැනීම සඳහා එය ප්‍රමාණවත්ය. ඔහු සමඟින් එකත්පසෙකට වී බොහොම යටහත් පත්ව ගමන් කරමින් සිටින්නේ ගිලිමලේ චන්ද්‍රලෝඛ නායක හාමුදුරුවෝය. හාමුදුරුවන් ඇතුළු උත්සවයට සහභාගී වී සිටින සියලු දෙනාට පාවහන් පැළඳීම තහනම් කොට ඇති අතර. විධායක ජනාධිපතිතුමා පමණක් පාවහන් පැළඳගෙන මුතු කුඩයක් යටට වී ගමන් කරණු පෙනේ. මෙය ඔහු සිවුරක් නොමැතිව පැවිදි බව ලබා ගැනීමක්ද එසේ නොවේ නම් අව්වේ යාම සහ පාවහන් නැතිව ගමන් කිරිම යහපත් නොවේ යැයි ලැබුණු වෛද්‍ය උපදේශයක් අනුගමනය කිරීමකද කියා දන්නේ ඉතාම සුළු පිරිසක් පමණි.

Tell a Friend