ETI, SFSL, CIFL , IFL වංචනික මූල්‍ය ආයතන : ශ්‍රී ලංකා මහබැංකුවට කැඳවා අවවාද කරයි

ජීවක එදිරිසිංහ මහතා යටතේ ක්‍රියාත්මකවන එදිරසිංහ ට්‍රස්ට් ඉන්වෙස්මන්ට් හා ස්වර්ණමහල් ෆිනෑන්ස් සර්විස් ලිමිටඩ් යන ආයතන සහ ෂර්ලි පෙරේරා යටතේ ක්‍රියාත්මක වන සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට ෆිනෑන්ස් ලිමිටඩ් හා උපුල් සොයිසා යටතේ ක්‍රියාත්මක වන ඉන්ඩස්ටි්‍රයල් ෆිනෑන්ස් ලිමිටඩ් යන මූල්‍ය ආයතන හතරෙහි ප්‍රධානීන් විශේෂ විමර්ශනයක් සඳහා අද උදෑසන ශ්‍රී ලංකා මහබැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන පිළිබද අංශයට කැඳවා තිබේ.

එම අංශයේ ප්‍රධානී නියෝජ්‍ය මහබැංකු අධිපති ධර්මා ධීරසිංහ මහතා මොවුන්ට ප්‍රකාශ කර ඇත්තේ,

මාධ්‍ය වාර්තා වල සඳහන් කරුනුවල පැහැදිලි සත්‍යතාවයක් තිඛෙන බැවින් වහාම ඒ පිළිබදව සොයාබැලීමට සිදුවන බවයි. තම ආයතනවලට එරෙහිව වෙබ් අඩවිවල පළවී ඇති වාර්තා විපක‍ෂයේ උවමනාවවන් මත සිදුවන්නක් බවට මූල්‍ය ආයතන ප්‍රධානීන් කර ඇති ප්‍රකාශ තරයේ ප්‍රතිෙක‍ෂ්ප කර ඇති නියෝජ්‍ය මහබැංකු අධිපතිවරයා විපක‍ෂයෙන් නගන චෝදනාවල ඇති සත්‍යතාවයන් බැහැර කර නොහැකි බව ප්‍රකාශ කර තිබේ.

මෙම මූල්‍ය ආයතන හතරෙහි ශ්‍රී ලාංකීය තැන්පත්කරුවන් විසින් තැන්පත් කර ඇති රුපියල් කෝටි ගණනක මුදල් සම්බන්ධයෙන් වගකීමෙන් කටයුතු කරන ලෙසත් එසේ නොවුව හොත් නීත්‍යානුකූලව කටයුතු කිරීමට සිදුවන බවත්, ධීරසිංහ මහතා දැඩි ලෙස ප්‍රකාශ කර තිබේ.

Tell a Friend