ප‍්‍රදේශිය සභා තුනකට පුංචි ඡන්දය නැත.

අක්මීමන, අකුරැස්ස, මොනරාගල ප‍්‍රාදේශිය සභාවල ඡුන්දය අත්හිටුවීමට අභියාචනාධිකරණය අද තීන්දු කෙළේය. එම ප‍්‍රාදේශීය සභා තුනට එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ස්වාධීන කණ්ඩායමක් විසින් ඉදිරිපත් කැරුණු නාමයෝජනා ප‍්‍රතික්ෂේප කිරීමට එරෙහිව එම පක්ෂය හා ස්වාධීන කණ්ඩායම ගොනු කර තිබූ පෙත්සම් තුනක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ සභාපති සත්‍ය හෙට්ටිගේ මහතා ඇතුළු විනිසුරු මඩුල්ලක් මෙම නියෝගය ප‍්‍රකාශ කෙළේය. වගඋත්තරකරුවන් වන මැතිවරණ කොමසාරිස්, ඒ ඒ දිස්ත‍්‍රික් භාර තේරීම් නිලධරයන්, හා නීතිපති ලබන 28 වැනි දා අධිකරණය හමුවේ පෙනී සිටිය යුතුයැයි ද නියෝග කැරිණි.