පැණිබිම ජිවිතයක් බිලිගනි

පොළොන්නරුවේ සිංහපුර අක්කර 800 ප‍්‍රදේශයේ දැරියකගේ මරණයට හේතු වූ බව කියන බීම බෝතලය විකුණූ වවුනියා වෙළෙඳ හලට සීල් තැබීමටත් එහි අයිතිකුරු පොළොන්නරු පොලිසියට ඉදිරිපත් කිරීමටත් යයි. එම බීම බෝතලය මිලටගත් සෙබළා ද සමග වවුනියා පොලිසිය හා සෞඛ්‍ය පරීක්ෂකවරු අද එහි ගොස් කල් ඉකුත් වූ බීම වර්ග රැුසක් ද සොයාගත්හ. මේ දැරියගේ මව ද එම බීම බීමෙන් බරපතල ලෙස රෝගාතුර විය. එම බීම අලෙවිය අත්හිටැවීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කෙළේය. මාරක බීම බෝතලය ද එම බීම සාම්පල ද රජයේ රස පරීක්ෂක වෙත යවා ඇත.