එස්.එල්.ගුණසේකරට පිළිතුරක්

හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි පී. පී. විඡේසේකර මහතාට එරෙහිව කොළඹ මහේස්‌ත්‍රාත් අධිකරණය හමුවේ එල්ල කර ඇති චෝදනා අස්‌කර ගැනීමට අල්ලස්‌ හා දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්‌ෂ ජනරාල්වරියට නීතිපති උපදෙස්‌ දී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා පෙරේදා (24) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

නීතිපති මේ ආකාරයට ක්‍රියා කල පළමු අවස්ථාව මෙය නොවේ. ඔහුට මේ ආකාරයට නිදහස් කිරීමට බොහෝ අය සිටින්නට පුළුවන. ඉතින් එස්.එල් ඉහත පුවත ගැන සිතන්න.

අද ලංකාදීපයට ඔබ කියූ දේ පහතින් උපුටා දක්වමි.

එල්ලා මැරීමේ නිතිය අද වෙද්දී පැවතුනත් එකී නිතිය මේ වෙද්දී නීති පොත්වලට පමණක් සීමාවී ඇත. එහෙත් එල්ලා මැරීමේ නිතිය අද සක්‍රිය තලයට පැමිණිය යුතු නීතියකි.

ඉතින් එස්. එල්. අප පළමුව එල්ලිය යුත්තේ කාවද?

අද බන්දනාගරවල සිටින්නේ 60% කට වඩා සැකකරුවන් බව ඔබ නොදන්නවා විය නොහැක. මෙවැනි තත්වයක් පවතිද්දී එල්ලා මැරීම යලි ක්‍රියාත්මක කිරීමට ඔබ කරන්න වූ යෝජනාව අපේ සමාජයේ උගතුන් අතර ඇති බවට පවසන කුහකත්වයේම තවත් පැතිකඩක් ද?


හර්ෂි සි.පෙරේරා