කිලිනොච්චියේ අක්‌කර 1300 ක්‌ දේශපාලන හිතවතුන්ට පවරයි

මුල් ඉඩම් හිමිකරුවන්ට කැලෑවලින් ඉඩම් දීලා

දිනසේන රතුගමගේ

කිලිනොච්චි දිස්‌ත්‍රික්‌කයේ පදිංචිකරුවන්ට අයත්ව තිබුණු ඉඩම් අක්‌කර 1300ක්‌ පමණ ප්‍රමාණයක්‌ ව්‍යාපාරික කටයුතු සඳහා දේශපාලන හිතවතුන්ට ලබා දී ඇතැයි එම ප්‍රදේශවල ජනතාව කියති.

ජනතාව සතුව තිබුණු ඒ ඉඩම් වෙනුවට වෙනත් කැලෑබද ප්‍රදේශවලින් ඉඩම් ලබා දී තිබුණත්, එය බලවත් අසාධාරණයක්‌ බව ද ඔවුහු චෝදනා කරති. මෙම තත්ත්වයට මුහුණපා ඇත්තේ මුරුකණ්‌ඩි, හින්දුපුරම්, ශාන්තිපුරම් ඇතුළු ප්‍රදේශ කිහිපයක වැසියන්ය. තම ඉඩම් අහිමිව සිටින පුද්ගලයන්ට කැලෑබද ප්‍රදේශවලින් විකල්ප ඉඩම් ලබාදෙන ලෙස රජය ඔඩ්ඩුසුඩාන් ප්‍රාදේශීය ලේකම්වරයාට ලිඛිතව දැනුම් දී ඇත.

වසර 40 කට වැඩි කාලයක්‌ තමුන් ජීවත් වූ හා අයිතිව තිබූ ඉඩම් අතහැර කැලෑ ප්‍රදේශයට ගොස්‌ ජීවත් විය නොහැකි බව ඉඩම් අහිමිවූවෝ පවසති.

මේ සම්බන්ධව තමුන් අදාළ බලධාරීන්ට පවසා ඇතත් තවමත් විසඳුමක්‌ ලැබී නැතැයි ඔවුහු පවසති.

මෙම ඉඩම් ආරවුල නිසා කිලිනොච්චි දිස්‌ත්‍රික්‌කයේ නැවත පදිංචි කිරීමේ කටයුතු ඇනහිට තිබේ.

Tell a Friend