ගඩාපි සහ ඔහුගේ ගැත්තන්ට සම්බාදක

ගඩාපි, ඔහුගේ පවුලේ උදවියට සහ ඔහු වටේ සිටින්නන්ට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ගමනාගමන සහ මුල්‍යමය සම්බාදක ඒකමතිකව පනවනු ලැබිණි.

සාමාජිකයින් 15කින් සමන්විත් එක්ස්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ආණ්ඩු විරෝදී පෙළපාලිකරුවන් මර්දන කල අයිරු සොයා බැලීමට හේග්හි පිහිටි ජාත්‍යන්තර අපරාද අදිකරණයට යොමු කිරීමට යෝජනාවක් ද සම්මත කරන ලදී.

ඔවුන්, වහාම ප්‍රචණ්ඩ ක්‍රියා නතරකරන ලෙසද ලිබියානු ජනයාගේ නිත්‍යානුකුල අයිතීන් ලබාදෙන ලෙසද ලිබියානු බලදාරීන්ට නියෝග කළේය. එක්සත් ජාතීන්ගේ සාමාජිකයින් යුද සම්බාදක පැමිණවීමටද ඉක්මනින් කටයුතු කරනු ඇත.

එක්සත් ජාතීන්ගේ සාමාජිකයින් සාමාන්‍ය වැසියන් ගාතනය කිරීම ගැන සිය කනස්සල්ල පල කළහ.

ලිබියානු රජය තාන්ත්‍රිකයකු වන ඉබ්‍රහිම් දබ්බසි මෙම සම්බාදක ට්‍රිපොලිහි පවතින පැසිසිට් පාලනය අවසන් කරනු ඇති බව පැවසුවේය.


අල් ජසිරා ඇසුරෙන්
-හර්ෂි-