ලොව දෙවන හොදම සංචාරක පාරාදීසය

නැෂනල් ජෝග්‍රෆික් චැනලයට අනුව සංචාරය සදහා ලොව හොදම දෙවන ස්ථානය ලෙස ශ්‍රී ලංකාව හදුන්වා දී ඇත.

එහිදී ශ්‍රී ලංකාවේ මුහුදු තිරයට විශේෂ වැදගත්කමක් හිමිවේ. මෙම චැනලය සිගිරිය ගැනද සදහන් කරයි. ඊට අමතරව ශ්‍රී ලංකාවේ වන ජීවින් විශේෂයෙන් අලි ඇතුන් සහ දිවියන් ගැන ද සදහන් කරන මෙම චැනලය 1975 දී බිහිවූ පින්නවල අලි අනාථාගාරය ගැන විශේෂ සදහනක් කරයි. යමෙකුට කට දන කෑම කන්නට අවශ්‍යනම් යායුතු ස්ථානය ශ්‍රී ලංකාව වේ.

ඔවුන්ට අනුව ශ්‍රී ලංකාවේ හැම දෙයක්ම සුළුවෙන් හෝ ඇත.

ද නේෂන් ඇසුරෙන්
-හර්ෂි-