වවුනියාවෙ තවත් පැහැරගෙන යාමක්

වවුනියාවේ වාරිකුටිඌර් හි පදිංචිකරුවෙකු ඊයේ (13* මධ්‍යම රාත‍්‍රියේ නොහඳුන පිරිසක් විසින් පැහැරගොස් තිබේ.

වරිකුටිඌර් සිය නිවසේ සිටියදී ඊයේ රාත‍්‍රී 12 ට පමණ නිවසට කඩා වැදුණු නොහඳුනන පුද්ගලයින් සිවු දෙනකු විසින් මෙසේ පැහරගෙන ගොස් ඇත්තේ තිස් අට හැවිරිදි මුනියන්ඞ් මනෝහරන් නමැත්තායි. ඔහු විවාහකයෙකි.

මොහු පැහරගෙන යාම සම්බන්ධව ඥාතීන් විසින් අද (14* වවුනියාව පොලිසියට පැමිණිලි කොට ඇත. මනෝහරන් සම්බන්ධව කිසිදු තොරතුරක් මෙතෙක් අනාවරණය වී නැත.