ඊජිප්තු විජයග‍්‍රහනය හමුවෙ යේමන ආණ්ඩුවෙ ස්ථාවරත්වය

තෙවන දිනයේදිත් යේමනයේ පොලිසිය සහ ආණුඩු විරෝධි උද්ඝෝෂකයින් අතර ගැටුමි ඇති විය. ඔවුන් ඉල්ලා සිටින්නේ දේශපාලන ප‍්‍රතිසංස්කරණ සහ ඒරට ජනාධිපති අලි අබිඩුල්ලා සාලි ඉල්ලා අස්විය යුතු බවයි.

දහස් ගණන් උද්ඝෝෂකයින් අතර බහුතරය විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් වෙි. ඔවුන් ඉරිදා දින අගනුවර වු සානාහි මධ්‍යයම චතුරස‍්‍රයට ඇතුල්විමට උත්සාහ කළ අවස්ථාවෙි ඔවුන් පාලනය කිරිමට පොලිසිය පොලු මුගුරු භාවිතා කළහ. උද්ඝොෂකයින් සැලකියයුතු පිරිසක් තුවාල ලැබු අතර 23 දෙනෙකු පොලිසිය විසින් රදවාගෙන ඇත.

හියුමන් රයිටිස් වොචි කියන්නේ පොලිසිය පෙලපාලිකරුවන්ට විරුද්ධව විදුලි සැර සහ බැටන් පොලි භාවතයට ගත් බවයි. ඇමෙරිකා එක්සත් ජනපදය මුලස්ථානය කරගෙන පිහිටි මෙම සංවිධානය යේමන ආණ්ඩුවට වහා පෙලපාලිකරුවන්ට විරුද්ධ ප‍්‍රහාර නතර කර ප‍්‍රචණ්ඩත්වයට වගකිවයුත්තන් පිළිබද විමර්ශන සිදුකර නඩු පවරන්නැයි කියා සිටියි.

විරෝධකරුවන් මෙම සංවිධානයට පවසා ඇත්තේ ආණ්ඩු විරෝධි පෙළපාලි දේශිය ස්වාධින ක‍්‍රියාකාරින් විසින් ආරමිභ කළේ නව සානා විශ්ව විද්‍යාලයෙන් බවයි. පසුව දුසින් ගණන් අණ්ඩුවට පක්ෂපාති පුද්ගලයින් විශ්ව විද්‍යාලයට පැමිණ විරෝධකරුවන්ට පහරදුන් බවයිි. මෙම පහරදිමෙන් බෙිරි සිටිමට තමන් පෙළපාලියාම ආරමිභ කළ බව ආණ්ඩු විරෝධි උද්ඝෝෂකයින් කියා සිටිති.

ඊජිප්තුවෙි දින 18ක ජනතා කැරැුල්ල යේමනයේ සහ කලාපයේ ආණ්ඩු ගණනාවක ස්ථාවරත්වය ප‍්‍රශ්න කරයි. ජනාධිපති සාලියා ජනාධිපති වි දශක තුනක් ගතවිි ඇත. ඔහු උද්ගතව ඇති නොසන්සුන්තාවය සමනය කිරිමට කිවෙි තමා ජනාධිපති ධුරය සදහා නැවතවරක් තරග නොකරන බවයි.


අල් ජසීරා ඇසුරෙන්
හර්ෂි සී. පෙරේරා

Tell a Friend