කේ.පිට කරුණාට මරණ දඩුවම...හා...හා...හා!


හර්ෂි සී. පෙරේරා 


එල්ටීටීඊයේ ප‍්‍රධාන අවි සැපයුම්කරුවා වූ සහ ප‍්‍රභාකරන් ඝාතනයෙන් පසු එම සංවිධානයේ නායකත්වය බාර ගත් කේ.පී. හෙවත් කුමරන් පත්මනාදන් සහ එල්ටීටීඊ සන්නද්ධ නායක කරුණා සමග කුමන තරාතිරමක හෝ පුද්ගලයෙකු සමථයකට පත්වී එක්ව කටයුතු කිරීම ශ‍්‍රී ලංකා ජනරජයේ දණ්ඩ නීති සංග‍්‍රහය උල්ලංඝණය කිරීමක් බව නීතිවේදීහු පෙන්වා දෙති.

1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග‍්‍රහ පනතේ සඳහන් වන රාජ්‍ය විරෝධී වැරදි යටතට ගැනෙන වගන්ති 5 ක්ම ඉතාමත් පැහැදිලි ලෙස උල්ලංඝණය කර ඇති කේපී සහ කරුණා පැහැදිලිවම මරණීය දණ්ඩනය දිය යුතු වරද කරුවන් බවද කවර ආකාරයේ හෝ සමථයකට යා නොහැකි බවද පැහැදිලි ලෙසම නීතියේ සඳහන් වේ.(ලංකා ඊනිවිස්)

මෙන්න අද(14*) ලංකාදීප පුවත් පතේ පලවු අලුත්ම අපරාධය.

නියොජ්‍යය ඇමැති සරත් කුමාර ඇතුලු සැක 09 දෙනා නිදොස් කොට නිදහස්. 2001 මහ මැතිවරණයේදි අවිවලින් වෙඩි තබා බෝමිබ පුපුරුවා හැර මිගමුව මුන්නක්කරේ අලියාපොළ ඡුන්ද මධ්‍යස්ථානයට කඩාවැදි සිටි අය බියගන්වා ජන්ද පෙටිටි පැහැර ගෙන යාමට තැත් කරන ලදැයි කියන සිද්ධියකට අදාළව මොවුන් සැකකරුවන්වි සිටියහ. මෙම සිද්ධියට අදාලව චෝදනා ගොනු නොකර තිබුණු කාලය වසර 10කි. නමුත් මොවුන් සියලු දෙනා සිකුරාදා (11* නිදොස් කොට නිදහස් කරන ලද්දේ නීතිපති උපදෙස් මතය.

ඉතාම මෑතකදි මෙි හා සමාන තවත් අපරාධ දෙකක් සිදුවිය. එනමි නාමිිපමුණුව නඩුවෙිදි සහ දුමින්ද සිල්වා නඩුවෙිදිය. මෙි මෙවැනි අපරාධ වල අවසානයද නොවනු ඇත. මෙවැනි අපරාධ යුක්තිය පසිදලිමක් සිදුවන රටක නීතිවෙිදින් විසින් කේපිට කරුණාට නීතියට අනුව මරණ දඩුවම ලැබිය යුතුයයි පැවසිම හාස්‍යයජනකය.

අපිට හොදින් ලියවුනු නීතියක් ඇත. හොද අපරාධ යුක්තිය පසිදලිමෙි ක‍්‍රමවෙිදයක් ඇත. නමුත් ප‍්‍රායෝගිකව ඒ සියල්ල ධනයට, බලයට සහ ඥාති සංග‍්‍රහයට යටත්ය.