ශ්‍රී ලාංකිකයින් ලිබියාවෙන් ඉවත් කර ගැනීම ඇරබේ.

ලිබ්යාවෙන් ඉවත් කර ගෙන ග්‍රීසියේ සිටින ශ්‍රී ලාංකිකයින් 37 දෙනා ලංකාවට ගෙන්වා ගැනීම ඉදිරිදින කිහිපය තුල සිදුවන බව විදේශ රැකියා ප්‍රවර්දන සහ සුබසාදන අමාත්‍ය දිලාන් පෙරේරා පවසන
ලදී.

ආණ්ඩුව ලිබියාව තුල අතරමන් ව සිටින තවත් ශ්‍රී ලාංකිකයන් 418 දෙනෙකු ගෙන්වා ගැනීම සදහා ගුවන් යානයක් කුලියට ගනීමට සිටින බව විදේශ අමාත්යංශය ප්‍රකාශ කරයි.

ඔවුන් දැනට ට්‍රිපොලි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නවාතැන් ගෙන සිටිති. අමාත්‍ය දිලාන් පෙරේරා පවසන ආකාරයට ඔවුන් ඉතා ඉක්මනින් ඉවත් කර ගැනීම සදහා කටයුතු කරගෙන යමින් තිබේ.

ඔහු පවසන ආකාරයට ඔවුන් ඉවත් කර ගනීමට ඉන්දියානු නැවු යොදා ගනීම ගැන විදේශ අමාත්යංශය ඉන්දීය විදේශ අමාත්යංශය සමග අදහස් හුවමාරු කරගනිමින් සිටි.

ලිබියාව, මොරොක්කෝව සහ ඊජිප්තුවේ තත්වය නරක අතට හෙරමින් පවතින නිසා ඒ රටවල සේවය කරමින් සිට අතරමංව සිටින පුද්ගලයින් ගෙන්වා ගැනීමට මගී නැවක් යැවීමට තමං අදහස් කරන බවද විදේශ අමාත්යංශය ප්‍රකාශ කරයි.

එය කියන ආකාරයට මගී නැව ලිබියාවට ලගම වරයා වන මොල්ටාවට ගොස් එහි අතරමංව සිටින ශ්‍රී ලාංකිකයින් බේරා ගැනීමට කටයුතු කරනු ලැබේ.

විදේශ අමාත්යංශය පවසන ආකාරයට සංක්‍රමිකයින් පිළිබද ජාත්‍යන්තර සංවිදානයේ උදවු ඇතිව අතරමන්ව සිටින ශ්‍රී ලංකිකයින් බේරා ගැනීම සාර්ථක නොවුනේ එම සංවිදානය පවතින වාතාවරණය නිසා ලිබියාව අත්හැර ගොස් ඇති බැවිනි.


බි.බි.සි ඇසුරෙන්
හර්ෂි.සි.පෙරේරා