රටේ ශාපය දුරු වීමට නම් මහින්ද රටෙන් පිටවිය යුතුයි - ජෝතිර්වේදීන්

තමන්ගේ බලය රැක ගැනීම සඳහා රටේ කේන්ද්‍රය සහ තමන්ගේ කේන්ද්‍රය සමඟ හූනියම් කටයුතු වල වසර ගණනක් තිස්සේ කළ මහා භයානක කටයුත්ත මේ වනවිට මුළු රටටම ශාපයක් වී ඇති බවත් මින් මිදීමටනම් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැරෙණ තුරාම රටෙන් පිට වී ජීවත් විය යුතු බවත්, ප්‍රකට ජෝතිර්වේදියෙක් ලංකා ගාඩියන් වෙත ප්‍රකාශ කළේය. ආරක්ෂා හේතුන් මත අපට ඔහුගේ නම හෙළි කිරීමට නොහැකි වන නමුත් ඔහු පොසුගිය කාලය පුරාම කළ අනාවැකි සියල්ලම නිවැරදි විය. ජනාධිපතිවරයා පිට නොවුණ හොත් ඔහුගේ පවුලේ අසමඟිය සේම රටට ස්වභාවික විපත් සහ වෙනත් කරදර රැසකට මුහුණ දීමට සිදු වන බව හෙතම වැඩිදුරටත් සඳහන් කළේය.

Tell a Friend