මට මැරෙන්න ඕනේ මේ රටේ, පොඩ්ඩක් ඉන්න දැන්ම යන්න බෑ - මුබාරක්

ඊජ්ප්තු ජනාධිපති හොස්නි මුභාරක්ට එරෙහිව වර්ධනය වෙමින් පවතින ජනතා විරෝධයට ප්‍රතිචාර දක්වමින් ඔහු කියා සිටියේ තමන් එළඹෙන සැප්තැම්බර් මාසයේදී පැවැත්වෙන මැතිවරණයට සහභාගී නොවන බවත් එතෙක් බලයේ සිටින බවත්ය. මේ නිසා ජනතාව බලපෑම් කළ පමණින් ඉවත් විය නොහැකි බව හෙතම සඳහන් කළේය. හිටපු ගුවන් හමුදා නිලධාරියෙකු වන හෙතම ජාතිය අමතමින් වැඩි දුරටත් ප්‍රකාශ කළේ මේ රටේ අයිතිය වෙනුවෙන් සහ ස්වාධිපත්‍ය වෙනුවෙන් තමන් සටන් කළ බවත් ඒ නිසා තමන් මිය යා යුත්තේද මෙම භූමියේදී බවත්ය. " අනෙක් අයට කළා මෙන් ඉතිහාසය විසින් මාව සිටිය යුතු තැන තීරණය කරාවි, " ජනාධිපති මුභාරක් කිව්වේය. කෙසේ වෙතත් ඊජිප්තුවේ පැවැත්වෙන ජනතා උද්ඝෝෂණ සඳහා මේ වන විට මිලියනයකට අධික පිරිසක් සහභාගී වී සිටිති. ඔවුන්ගේ එකම ඉල්ලීම මුභාරක් වහාම තම ධූරයෙන් ඉවත් විය යුතු බවයි.

Tell a Friend