සෑබැ නිදහස ජාතික සංවර්ධනය ජය ගැනිමයි- ජනාධිපති

ත‍්‍රස්තවාදී බලවේග ජය ගැනීමට සිය සිතුම් පැතුම් හැඩ ගැන්වූ ආකාරයට රටේ අනාගත සංවර්ධනය ජය ගැනීමට දරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වා සිය ආකල්ප වෙනස් කර ගත යුතු යැයි මහින්ද රාජපක්ෂ ජනපති 63 වැනි නිදහස් උළෙල අමතමින් ප‍්‍රකාශ කෙළේය. කතරගම කඳසුරිඳුගම දී අභිමානවත් ලෙස මේ උළෙල පැවැත්විණි. සැබෑ නිදහස යනු ජාතික සංවර්ධනය ජය ගැනීම බව ද ජනපති අවධාරණය කෙළේය.