ලෝක කුසලානයට වෙයෝ ඇවිත්

ලෝක කුසලාන ක‍්‍රිකට් තරඟාවලියේ ශ‍්‍රී ලංකාව මුහුණ දෙන පළමු තරඟය වන කැනඩාව හා තරඟය පැවැත්වීමට නියමිත හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණය පෙරේදා පරීක්ෂා කළ ජගත් ක‍්‍රිකට් සමුළුවේ තණතීරු විශේෂඥ ඇන්ඩි ඇට්කින්සන් මහතා එහි අඩුපාඩු රැුසක් පවතින බව සිය වාර්තාවෙන් ජගත් ක‍්‍රිකට් සමුළුව වෙත දන්වා ඇතැයි වාර්තාවේ.

තවමත් කිසිදු තරඟයක් නොපැවැත්වූ සූරියවැව ක‍්‍රීඩාංගණයේ තණතිල්ලේ වේයන් ඇති වී ඇති බවත්, ක‍්‍රීඩාංගණයෙන් පිටත වාහන නැවැත්වීමේ පහසුකම් සහිත ප‍්‍රදේශයට තාර දමා නැති බවත්, තවත් එවැනි අඩුපාඩු රැුසක් ක‍්‍රීඩාංගණයේ පවතින බවත් ඇට්කින්සන් මහතා සිය වාර්තාවෙන් පෙන්වා දී ඇති අතර, මෙම අඩුපාඩු ඉක්මනින් සපුරාගත නොහැකි වුවහොත් සූරියවැව ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ දී ශ‍්‍රී ලංකා කැනඩා තරඟය පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උදා වනු ඇත.