මෙන්න දැන් අක්කරෙපත්තුවෙ මැතිවරණ නීති උල්ලංඝනයක්

අක්කරේපත්තු නගරයේ ආගමික උත්සවයක් මුහුණුවරින් පැවැත්වෙන මැතිවරණ නීති උල්ලංඝණයක් ගැන සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය(කැෆේ*) මැතිවරණ කොමාසරිස් වෙත ලිපියක් යවමින් ඔහුගේ අවධානය එ් වෙත යොමුකරවා ඇත. එම ලිපිය මෙසේය.

ජාතික කොන්ග‍්‍රසය විසින් අක්කරේපත්තු නගරයේ මේ වන විට පෙළපාලියක් සහ රැුස්වීම් මාලාවක් පවත්වමින් සිටී. නගරයේ මුස්ලිම් දේවස්ථාන ගණනාවකට මැතිවරණයට තර`ග වදින අපේක්‍ෂකයින් නව (9* දෙනෙකු පෙළපාලියකින් ගමන් කරමින් සිටින අතර එමගින් ඔවුහු මැතිවරණ ප‍්‍රචාරයට අදාළ මැතිවරණ නීති උල්ලංඝණය කරමින් සිටිති.

මුස්ලිම් දේවස්ථානයන් හි යාඥා කටයුතු ස`දහා සවිකොට ඇති ශබ්දවාහිනී යන්ත‍්‍ර ද මැතිවරණ ප‍්‍රචාරක කටයුතු ස`දහා යොදා ගෙන ඇත. ප‍්‍රභූ ආරක්‍ෂක සේවයට අයත් වාහන දෙකක්, ඩබල් කැබ් රථ හතරක්, මෝටර් සයිකල් 10 කට වැඩි ප‍්‍රමාණයක්, පාපැදි සහ පක්‍ෂ ආධාරකරුවන් සැලකිය යුතු පිරිසක් සම`ග ආරම්භ වූ මෙම පෙළපාලියට, මේ වන විට ත‍්‍රීවිල් රථ දහයටකට වැඩි සංඛ්‍යාවක් ද එක් වී තිබේ. මේ වන විටත් පිරිස අක්කරේපත්තු මහ පල්ලිය, අලූත් පල්ලිය වෙත පෙළපාලියෙන් ගොස් ඇත. අපේක්‍ෂකයින්ගේ නිවෙස් වෙත යමින් ද, මල් වෙඩි පත්තුකරමින් අක්කරේපත්තුව නගරය වෙත පැමිණෙමින් ඇති පෙළපාලිය ආගමික උත්සවයක් නොව මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරයකි. ඊයේ රාත‍්‍රී නගරය පුරා පෝස්ටර් අලවා, කටවුට් සවිකොට ඒ ස`දහා අවශ්‍ය පසුබිම සකස් කොට ඇත.

මෙම ප‍්‍රචාරක ව්‍යාපාරය පළාත් පාලන මැතිවරණ පනතේ 81 අ (2* වගන්තිය උල්ලංඝනය කිරීමකි. අක්කරේපත්තුව පොලීසිය මෙම පෙළපාලිය වලක්වනු වෙනුවට එයට අමතර ආරක්‍ෂාව සපයමින් සිටී.

Tell a Friend