අසන්ගේව ස්විඩනයට බාර දෙනවාද? නැද්ද?

විකිලික්ස් නර්මාතෘ ජුලියන් අසන්ගේ ඔහුව සියරටට බාරදිම තිරණය කරනු ලබන නඩුව සදහා ලන්ඩන් අධිකරණයකදි පෙනි සිටියේය. ලිංගික අපරාධ සමිබන්ධයෙන් ඔහුව ස්විඩනයට බාර දෙනවාද නැද්ද යන්න මෙම නඩුවෙිදි තිරණය කෙරෙනු ඇත.

මෙම නඩුව සදුදා උදෑසන බෙල්මාස් මහේස්ත‍්‍රාත් අධිකරණයේදි ආරමිභ විය. එහිදි ගිය වසරේ දෙසැමිබර් මස අසන්ගේව අත්අඩංගුවට ගැනිමට ස්විඩනය නිතුත් කළ වරෙන්තුව විභාගයට ගැනේ.

තින්දුව 39 හැවිරුදි ඔස්ටෙ‍්‍රිලියානු ජාතිකයාට විරුද්ධව ලැබුනහොත් ඔහුට ඒ පිළිබදව එංගලන්තයේ උත්තරිතර අධිකරණයට අභියාචනා කිරිමෙි හැකියාව ඇත.
ආරක්ෂක තොරතුරු පිට කිරිම සමිබන්ධයෙන් ඔහුව ස්විඩනයට පිටකළහොත් නැවත ඇමෙරිකාවට පිටුවහල් කළ හැකි අතර එහිදි ඔහුට මරණිය දණ්ඩනයට මුහුණ දිමට සිදුවනු ඇත. කෙසේනමුත් අසන්ගේට එරෙහිව නඩු පැවරිමට තමන්ට ඇමෙරිිකාවෙන් බලපෑමි එල්ලවන බව ස්විඩනය තරයේ ප‍්‍රතික්ෂේප කරයි.

මෙම වෙබිඅඩවි නිර්මාතෘවරයාට එරෙහිව ස්විඩනයේ අගනුවර වු ස්ටෙක්හොලමිහිදි කාන්තාවන් දෙදෙනෙකුට ලිංගික අපචාර කිරිම පිළිබදව චෝදනා එල්ල විය.

අසන්ගේට එරෙහි නඩුවට සුවිශාල ප‍්‍රසිද්ධියක් ලැබුනු අතරම එය මතභේදාත්මක එකක්ද විය.

අල් ජසිරා ඇසුරෙන්
හර්ෂි සී. පෙරේරා