ආණ්ඩුවේ බලු වැඩ මෙන්න

වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ මෑණියන්වන පාර්වතී අම්මාන් පිල්ලෙයි මහත්මියගේ සිරුර ආදාහනය කළ ස්ථානයට වෙඩි තබා මරණ ලද සුනඛයින් තිදෙනෙකුගේ මළ කුණු දමා ගොස් ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

පෙරේදා (22) පස්වරුවේ වැල්වැටිතුරෙයි පොදු සුසානභූමියේදී ආදාහන කටයුතු සිදු කර හින්දු ආගමානුකූලව අවසන් චාරිත්‍ර ඉටු කිරීම සඳහා ඥාතීන් පසු දින එම ස්ථානයට ගිය අවස්ථාවේ දැවුණු සිරුරේ අළු මත මරා දැමූ බල්ලන් තිදෙනා දමා ගොස් තිබෙනු දැක ඇත.

වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ බිම් අගලින් අගලට ආරක්ෂාව යොදා ඇති තත්වයක් තුළ ගිනි අවි භාවිතාකර මේ ආකාරයේ කටයුත්තක් බාහිර පාර්ශ්වයකට සිදු කළ නොහැකි බව පැහැදිළිය.

තමන් දුටුගැමුණු පරපුරේ නායකයෙක් යැයි කියා ගන්නා පාලකයකු සිටින රටක මෙවන් දේ සිදුවීම එම පරපුරට කරන නිගාවකි. මන්දයත්, දුටුගැමුණු රජතුමා යනු තම ප්‍රතිවාදියාවූ එළාර රජතුමා වෙනුවෙන් සොහොනක් ඉදිකර එයට ගරු බුහුමන් කළ රජතුමකු බව ඉතිහාසයේ සඳහන්වන බැවිණි.

මෙවැනි සිදුවීම්වලින් පැහැදිලිවන්නේ වත්මන් පාලනයට රටේ ජාතික සමඟිය ඇති කිරීමට සැබෑ උවමණාවක් නොමැති බවයි. ඒ වෙනුවට තව තවත් ජාතිවාදය වපුරා දකුණේ සිංහල ඡන්ද ලබා ගැනීම ආණ්ඩුවේ එකම අරමුණවී තිබේ.

-LankaTruth

Tell a Friend