මිනීමරු ගඩාෆි, විරෝධතාකරුවනට ගුවනින් වෙඩි තැබීමට අණ කරයි

ලිබියාවේ නායකයා වන විශ්‍රාමලත් කර්නල් ගඩාෆිට විරුද්ධව පැවති උද්ඝෝෂණ වලට සභාගී වූ ජනතාවට ගුවනින් වෙඩි තැබීමට ගඩාෆි නියෝග කළ බව ලැබෙන අලුත්ම වාර්තා සඳහන් කරයි. මේ වනවිට මැද පෙරදිග සහ ඇෆ්රිකව පුර පැතිරෙමින් පවතින ජනතා උද්ඝෝෂණ වලින් රටවල් දෙකක එනම් ටියුනිශියව සහ ඊජිප්තුවේ නායකයින් වෙනස් කළ අතර අනෙක් රට වලද දැඩි විරෝධතා ක්‍රියාත්මක වෙමින් පවතී.

ලිබියාවේ උද්ඝෝෂණ සඳහා 5000 ක පමණ පිරිසක් සහභාගී වූ අතර එහිදී , ගඩාෆි උඹ ඒකාධිපතියෙක්... වරයා පැමිණ තියෙන්නේ උඹටයි යැයි, උද්ඝෝෂකයින් ප්‍රකාශ කරනු දක්නට ලැබුණි.

ලිබියාවේ නායකයා , ලංකාවේ මහින්ද රාජපක්ෂගේ මිත්‍රයෙකු වේ. ඔහු වරක් ලංකාවේ තරුණයින්ට රැකියා ලබා දෙන බව කියමින් විශාල පිරිසක එරටට ගෙන්වා ගෙන තරමන් කළේය. ඔහු අවුරුදු 40 කට වඩා වැඩි කාලයක් තිස්සේ රට පාලනය කරනු ලබයි.




Tell a Friend