ඊජිප්තුවේ සිදුවීම් තුළින් ශ්‍රී ලාංකිකයන්ට පාඩමක්.



කරූ ජයසූරිය


ශ්‍රී ලංකාව සහ සෙසු පෙරදිග ලෝකය අවදි වූයේ ඊජිප්තු අගනගරය වන තයිරෝවේ නැගුණ ජය සැමරුමත් සමඟය. ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා දින 18 ක් තිස්සේ සිදු කෙරුණු බොහෝ දුරට සාමකාමීව පැවැති විරෝධතාවයන් හි නිරත පිරිස්වලට අවසානයේ දී දැක ගත හැකි වූයේ ජනාධිපති හොස්නි මුබාරක් ජනතාව වෙතින් එල්ල වූ දැඩි ඉල්ලීම් මධ්‍යයේ, ජනතාවගේ ඉල්ලීම්වලට ඉඩ දෙමින් සිය තනතුරින් ඉල්ලා අස් වූ ආකාරයයි. සති තුනක් තිස්සේ පැවැති විරෝධතාවයන් ලේ ගංගාවක් නොවීමට වගබලා ගනිමින්, විරෝධතාවල නිරත පිරිස්වලට ප්‍රහාර එල්ල නොකොට වැදගත් කාර්ය භාරයක් ඉටු කළ යුද හමුදාව,සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය වෙතට ඊජිප්තු ජනතාව සිය ගමන ආරම්භ කරන මෙම අවස්ථාවේ දී රටේ පාලනය ගන්නට කටයුතු කරමින් සිටියි.

වසර 30 ක් තිස්සේ පැවැති ජනපීඩක පාලනය අවසන් කරමින් ස්වාධීනත්වය හා නිදහස පිළිබඳ බලාපොරොත්තු ගොඩ නැෙඟමින්, ඊජිප්තු දේශයෙහි ඓතිහාසික ක්‍රියාවලියක් සිදු වන මෙම මොහොතේ, මෙම සිදුවීමේ ගැබ් වූ සුවිසල් වැදගත්කම අපගේ සිත් අභ්‍යන්තරයේ ද දැඩි සසලවීමක් ඇති කරයි. ස්ථාවරත්වය හා සාමය උදෙසා වසර 30 ක් වන දිගු කාලයක් තුළ ජනාධිපති මුබාරක්ගේ ජනපීඩක, ආඥාදායක පාලනය ඉවසූ ඊජිප්තුවේ තරුණ පිරිස් ජනාධිපති මුබාරක්ව ඔහුගේ තනතුරින් ඉවත් කිරීම සඳහා ප්‍රචණ්ඩත්වය හෝ ත්‍රස්තවාදය උපයෝගී කර ගත්තේ නැත. මෙම ජනතා නැඟිටීමේ පවතින ආශ්වාදජනක ස්වරූපය
මෙයයි. එහි තිබූ නිර්ප්‍රචණ්ඩ ස්වරූපය නිසාම මෙම ජනතා නැඟිටීමේ ජයග්‍රහණය ලද බව නිසැකය.

වර්තමාන ලෝක ඉතිහාසය තුළ ඉතා තීරණාත්මක මොහොතක් සිදු වෙමින් පවතින ආකාරය දැක්මට අපි ද අවස්ථාව ලද්දෝ වෙමු. බර්ලින් තාප්පය බිඳ වැටීමත් සමඟම නැගෙනහිර යුරෝපය කොමියුනිස්ට් පාලනයෙන් නිදහස් වූ සැටි ඇතැමුන්ගේ මතකයේ රැ ඳී තිඛෙන්නා සේ, ඉතා දිගු කාලයක් ආඥාදායක පාලනයක් ගෙන ගිය ලෝක රාජ්‍ය පාලකයන් අතරින් අයෙකු වන හොස්නි මුබාරක්ගේ පාලනය, ඊජිප්තු ජනතාවගේ හුදු බලය තුළින්ම අවසන් වීම, පීඩනයට ලක් වූ ජනයාගේ සිත් තුළ බලාපොරොත්තු, අභිලාෂයන් සහ සැනසීමත්, තමන්ගේ ජනතාව මත ප්‍රචණ්ඩත්වය පතුරවමින් කි්‍රයා කරන දේශපාලනඥයින්ගේ සිත් තුළ භීතියක් ජනිත කරවමින් වත්මන් පරම්පරාවේ ජනතාවගේ සාමූහික මතකය තුළ රැඳී පවතිනු ඇත.

වත්මන් පාලනය වෙතින් දෛනිකව ප්‍රකාශ වෙමින් තිඛෙන ඒකාධිපති අභිලාෂයන් හමුවේ ඊජිප්තුවේ සිදු වෙමින් පවතින දේ ශී්‍ර ලාංකික අප තුළ ද බලාපොරොත්තු ජනිත කරවයි. සෑම ජනපීඩක පාලකයෙකුටම තමන්ගේ කි්‍රයා පිළිබඳව උත්තර බැඳීමට සිදු වනු ඇත. පාරාවෝවරුන් සහ රජවරුන් බලයේ රැෙඳන්නේ ඔවුන්ට එසේ කටයුතු කිරීම සඳහා ජනතාව විසින් ඉඩ ලබා දෙන තාක්කල් පමණය යන මෙම ඓතිහාසික කියමන යළිත් ප්‍රකාශයට පත්වීම අපගේ සිත් තුළ බලාපොරොත්තු දැල්වීමටත්, අපව අවදි කරවීමටත් හේතු වනවා ඇත.

ශී්‍ර ලංකාව තවත් ඊජිප්තුවක් නොවෙතැයි ද, ශ්‍රී ලංකාවේ ජනාධිපති තවත් මුබාරක් කෙනෙක් නොවේ. එසේ වුවත්, ඇතැම් සමානතාවයන් පැවතීම ප්‍රතිෙක‍ෂ්ප කළ නොහැකිය. මන්දයත් සෑම ආඥාදායකයෙකුටම එකම ආකාරයේ අදහස් ප්‍රකාශ කරන්නා සේම, ඔවුන්ගේ කි්‍රයා කලාපයන් ද එකම හැඩයක් ගන්නා බැවිනි. වයස අවුරුදු 82 ක් වයසැති, තද කළු පැහැ, කෙස් සහිත හිසකින් යුත් හොස්නි මුබාරක් තමන්ට සදාකාලිකව ඊජිප්තුව පාලනය කළ හැකි වෙතැයි සිතීය. රාජ්‍ය බලයෙන් ඉවත්වීමට පැය 24 ක කාලයකට පෙරාතුවත් රට තුළ පැවැත්වීමට නියමිතව තිබූ ජනාධිපතිවරණයට තමන් තරග නොකළත්, මෙම වසරේ
සැප්තැම්බරයේ දී පැවැත්වීමට නියමිතව තිබූ ඡන්දයේ දී සිය පුත් ගමාල් ජයග්‍රාහීව ඉදිරියට එනු ඇතැයි ඔහු විශ්වාස කළේය. ඉකුත් රාත්‍රිය දක්වාම මුබාරක් තමන්ගේ බලයෙන් සහ පුද්ගලාභිවන්දනයෙන් මත්ව සිටියේ ද යත්, වීදි බැස සිටි අයගේ සිත් තුළ කැකෑරෙමින් පැවැති තරහව තේරුම් ගැනීමට ඔහු අසමත් විය.

මුබාරක් පවුල ඉතා විශාල ධනස්කන්ධයක් රැස් කළ අතර, පියාගෙන් පසු පුතාට බලය පැවරීම සම්බන්ධයෙන් සිහින මවමින්, නීතියේ ආධිපත්‍යය හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ඉවතලා ජනතාව මත රහස් පොලිසිය මුදා හැරීමට කටයුතු කළේය. මෑත කාලීනව ලෝකය තුළ පැවැති විශාලම ජනතා නැගිටීමට මාස තුනකට පෙර 2010 නොවැම්බර් මාසයේ දී මුබාරක්ගේ "පක‍ෂය" 97% ක "ඡන්ද"සංඛ්‍යාවක් ලබා ගනිමින් ජාතික ව්‍යවස්ථාදායකයෙහි පූර්ණ පාලනයට බොහෝ ආසන්න බලයක් ලබා ගත්තේය. වීරත්වයට පත් බුරුම නිදහස් අරගල නායිකා අවුසොන් සුකී වරක් පැවැසූ පරිදි "ආඥාදායක පාලනයක් තුළ පවතින
අභියෝගයන් සෑම කල්හිම සෑම තැනකම නොවැළැක්විය හැකි ලෙස එක හා සමාන වන බැවින්, එම අභියෝගයන්ට මුහුණදීමට කි්‍රයා කරන්නවුන් තුළ ද එක හා සමාන ගුණාංගයන් දැකිය හැකි වන්නේය" යි.

කයිරෝහි නිදහසේ චතුරශ්‍රයේ රැඳී සිටින සාමකාමී විරෝධතාකරුවනුත්, තමන්ගේ අත්පා අහිමිවීමේ අවදානමට මුහුණ දෙමින් නිදහස සඳහා කටයුතු කරන බුරුම, ටියුනීසියානු ජනතාවනුත්, ප්‍රජාතන්ත්‍රවාදයේ හා නිදහසේ සම්ප්‍රදාය වෙත නැවත ගමන් කිරීම සඳහා හනඟන මේ කුඩා දිවයිනේ අප සැම දෙනාමත් එකට බැඳ, බැඳ තබනු ලබන්නේ මෙම පොදු ලක‍ෂණයයි.

ආහාර ලබා දෙන බවට කරනු ලබන පොරොන්දු මඟින් පමණක්ම මිනිස් වර්ගයාට ජීවත් විය නොහැකිය. මිනිස් ස්වභාවය වඩා වැඩි නිදහසක් හා උතුම් අභිලාෂයන් සඳහා දැඩි ලෙස අපේක‍ෂා සහගත වෙයි. පසුගිය උදෑසන එක්සත් ජනපද ජනාධිපති බැරක් ඔබාමා මාර්ටින් ලුතර් කින්ග්ව උපුටා දක්වමින් පවසා සිටියේ, "නව ඝානා රාජ්‍යයක් බිහි වීමේදී කින්ග් මහතා පවසා සිටියේ, 'අධ්‍යාත්මය තුළ නිදහස ඉල්ලා සිදු කරන කිසියම් හකෑමක් පවතියි' යන්නයි. අද අපි ස්ථාවරත්වය, සංවර්ධනය සහ සාමය යන මිථ්‍යාවට සාපේක‍ෂිතව අපගේ සිවිල් නිදහස උකස් කර තිඛෙනවා විය හැකිය. තමන්ගේ අධ්‍යාත්මය තුළ ද සැබෑ නිදහස සඳහා හ නැඟීමක් තිඛෙන බව ශී්‍ර ලාංකික අපට දැනෙන දිනයක් උදාවනු ඇත. රටේ සාරය උරා බොන දූෂිත පාලනය වෙනුවට වඩා යහපත්, විනිවිද පාලනයක් ඉල්ලා සිටින, නිදහෙස් අදහස් ප්‍රකාශ කිරීමට, ගෞරවාන්විතව ජීවත්වීමට ඉඩ සලසන පාලනයක් තිබිය යුතු බවට අප සැම විශ්වාස කරමු.

මෙම අයිතිය ඉල්ලා සිදු කරන ජනතා පෙළ ගැසීම මැර ප්‍රහාරයන් තුළින් මැඩ පැවැත්වීමට නොහැකි වනු ඇත.

හොස්නි මුබාරක් සිතා සිටියේ තමන් යටත් කළ නොහැකි සදාකාලික පාලකයා ලෙසයි. අද ඔහු පලා යමින් සිටින තවත් මහ ආඥාදායකයෙකුගේ තත්ත්වයට පත්ව සිටී. ඔහුගේ වත්කම් අත්හිටුවා ඇත. ඔහුගේ සගයෝ තමන් දැරූ තනතුරුවලින් පහ කොට හඹා යාමට භාජනය වී සිටිති. බොහෝ කාලයක් යටපත් කොට සිටි ඊජිප්තුවේ මාධ්‍ය හා සිවිල් සේවකයෝ බොරු ගොතා කියන ලෙස රජය තමන්ට කළ බලපෑම් හෙළි කරමින් සිටිති. ඊජිප්තු රට වැසියෝ මුල් වරට සැබෑ නිදහස භුක්ති විඳිමින් සිටිති. ඔවුහු සැබෑ ලෙසම ඊට දැඩි ලෙස ඇලුම් කරති. එක්තරා අවදියක දී මුබාරක් තමන්ගේ රටට සේවයක් ඉටු කළා විය හැකියි.
තමන්ගේ රාජ්‍ය බලය සදාකාලිකව ගෙන යෑමට උත්සාහ දැරීමෙන්, ඔහු තමන්ට තිබූ ජනතා කැමැත්ත අහිමි කර ගත්තේය. "මුබාරක් ඉවත් වෙනු 'යනුවෙන් ඊජිප්තු ජනතාව නැගුහ. හිටපු ජනාධිපතිවරයාගේ කන් තුළ රැව්දෙනු නිසැකය.

ඊජිප්තුවේ සහ ලෝක ඉතිහාසයේ ද ගමන් මග වෙනසකට යොමු කළ ජනතා නැගිටීම තුළින් ශ්‍රී ලංකාවේ ද පීඩනයට පත් වූවන්ට සේම පීඩකයන්ට ද ගැඹුරු පාඩම් උගත හැකිය. සිතට ගනිමු. අප තනිවී නැත.


Tell a Friend