එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ශ‍්‍රී ලංකා තානාපති කඩෙයයි.

සවුදියේ ගෘහ සේවිකාවක ලෙස සේවය කරද්දී, ශරීරයට යකඩ කම්බි ගැසූ බව කියන පොල්පිතිගම ගල්පොතුවැව රෝහිණී රාජපක්‍ෂ (35)* ගේ අත් හා දෙපාවල තිබූ කම්බි කූරු හතක් කුරුණෑගල රෝහලේදී සැත්කමකින් ඉවත් කෙළේය.

තානාපති තුමනි ඔබට ඉහත පුවත ගැන කිමට ඇත්තේ කුමක්ද?


ඔබ 63 වන නිදහස් දිිනයේදි කිවෙි කුමක්ද? එනමි ශ‍්‍රී ලාංකිිය තරුණ පරපුරට සෞදි අරාබිය සහ අරාබි භාෂාව ගැන අධ්‍යාපනයක් ලබා දෙන බවයි. තවද ශ‍්‍රී ලංකාව සහ මැද පෙරදිග අතර ඉතා හොදින් නිදහස් විදේශ ප‍්‍රතිපත්තියක් ක‍්‍රීයාත්මක වන බවයි.

තානාපති තුමනි ඔබට පහත පුවත ගැන කිමට ඇත්තේ කුමක්ද?

සෞදි අරාබියේ පාලමක් යට සිටි ශ්රී ලාංකික ශ්රමිකයන් 125 දෙනා එරටේ චිත්ත නගර්හි කාමරයක කොටුකර සිටිතියි දඹුල්ලේ නාවුලින් එහි ගිය අයෙක් දුරකතනයෙන් කීවේය.

නාවුල පදිංචි විජිත බණ්ඩාර සරත්නායක මහතා සඳහන් කළේ දිනකට එක් වේලක් පමණක් තමන් ඇතුළු කණ්ඩායමට ආහාර ලැබෙන බවයි ඉතිරි දෙවේල කුස ගින්නේ සිටින බවත් තමාට ශ්රී ලංකාවට ඒම ගැන බලාපොරොත්තු තැබිය නොහැකි බවත් ඔහු සඳහන් කළේය.

අපට කිමට ඇත්තේ ශ‍්‍රී ලංකාව කොයිබටදැයි මාධ්‍යයට ලියන ඔබ පළමුව ඔබ කොයිබටදැයි ඔබෙන් ඇසියයුතු බවයි. මෙි පුවත් දෙකත් ඔබ ඔය කියන මැද පෙරදිග උණුසුමි නිදහස් මිත‍්‍රශිලි විදේශ ප‍්‍රතිපත්තියත් අතර දැඩි පරස්පරවිරෝධි බවක් ඇත. තුන්වන පාර්ශවයකට ඔබ සදහන් කරන මැදපෙරදිග පිළිබද මහින්ද චින්තන විදේශ ප‍්‍රතිපත්තිය වුකලි හුදු කඩෙියාමක් සහ තම පැවැත්ම සදහාම සිදු කරන්නකි.


හර්ෂි සී. පෙරේරා