ධර්මපාලයේ අධර්මිෂ්ඨ වියදමක්

ජනාධිපති රාජපක්‍ෂ මහතා විසින් හෙට පෙරවරුවේ සිදුකිරීමට නියමිත පන්නිපිටිය ධර්මපාල මහා විද්‍යාලයේ පිහිනුම් තටාකය විවෘත කිරීමේ උත්සවය සඳහා රුපියල් ලක්‍ෂ 20 ක මුදලක් විද්‍යාලයේ සිසු සිසුවියන්ගෙන් සහ ආදි ශිෂ්‍ය සංගමය හරහා එකතු කර ගැනීමට විදුහල්පති කේ.ජී.විමලසේන මහතා ක‍්‍රියාකර ඇතැයි විද්‍යාලයේ ආදි සිසු පිරිසක් ‘ලංකා ඊ නිව්ස්’ වෙත ප‍්‍රකාශ කළහ.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ පාලන කාලය තුළ වැඩ ආරම්භ කළ මෙම පිහිනුම් තටාකය ගොඩ නැගීම සඳහා සිංහ සමාජය විසින් ඇමරිකානු ඩොලර් ලක්‍ෂයක මුදලක්ද, මනෝ ගනේෂන් හිටපු මන්ත‍්‍රීවරයා රුපියල් ලක්‍ෂ 4 ක් පමණ වටිනා ටයිල්ද, ආදි සිසු සංගමය විසින් මුදල් හා වෙනත් පරිත්‍යාගන්ද, ව්‍යාපාරික සමාගම් වල අනුග‍්‍රහයද, පාසලේ පවත්වන පොලක් මගින් උපයා ගන්නා මුදල්ද, අරමුදල් ලෙස ලබා ගෙන ඇත.