එදිරිසිංහ සමුහ ව්‍යපාරයේ ප්‍රධානියාගෙන් කෝටියක පගාවක්


EXCLUSIVE



එදිරිසිංහ සමුහ ව්‍යාපාරය විසින් සිදු කරණු ලැබූ මහා පරිමාණයේ මුල්‍ය වංචාව වසා ගැනීම සඳහා මේ වන විට ඒ සමබන්ධව කටයුතු කරන බොහෝ දෙනෙකුට එහි ප්‍රධානියා වන ජීවක එදිරිසිංහ විසින් අල්ලස් ලබා දෙමින් සිටින බව ලංකා ගාර්ඩියන් වෙත වාර්තා වේ. අදාළ ව්‍යාපාරය විසින් මෙරට අහිංසක ජනතාවගේ මුදල් ගෙන සිදු කොට ඇති මහා පරිමාණ වංචාව හේතුවෙන් අදාළ සමුහ ව්‍යාපාරයට සම්බන්ධ ස්වර්ණමහල් ෆිනෑන්ස් සර්විසස් ලිමිටටඩ් සහ එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් මුළුමනින්ම පාහේ බංකොලොත් වී ඇත.

ලංකාවේ අහිංසක ජනතාව විසින් අදාල ආයතනවල තැම්පත් කළ මුදල් එහි ප්‍රධානින් විසින් වෙනත් විදේශීය බැංකුවල තැම්පත් කිරීම හේතුවෙන් සිදු වී ඇති අදාළ මහා පරිමාණ වංචාවට සම්බන්ධ තොරතුරුවලින් කොටසක් පසුගිය සතියේදී අපි විසින් හෙළිදරව් කළෙමු.

ලැබෙන අලුත්ම වාර්තා වලට අනුව ජීවක එදිරිසිංහ පසුගිය සතියේදී හදිසියේ සිංගප්පුරුවේ සිට ලංකාවට පැමිණ ඇති අතර එහිදී දේශීය ආදායම් බදු දෙපාර්තමෙන්තුවේ ඉහළ පෙළේ නිලධාරියෙකු හමු වී ඔහුට රුපියල් කෝටියක පගාවක් දී ඇත. අදාල නිලධාරියාගේ තොරතුරු සහ අදාළ හොරකම වසා ගැනීම සඳහා ජීවක එදිරිසිංහගෙන් මුදල් ලබා ගත් අනෙකුත් අය ගැන සියලුම තොරතුරු අප වෙත ලැබී තිබේ.

එසේම ජීවක ඇතුළු අදාළ ආයතනයේ ප්‍රධානින් කිහිප දෙනෙකු විසින් විදේශ බැංකු වල තැම්පත් කොට ඇති මුදල් ප්‍රමාණය සහ ඊට අදාළ බැංකු ලේඛණ අපි වෙත ලැබී ඇති අතර ඒවායේ නිවැරදි බව තහවුරු කරගත් වාහාම ඒ සියල්ලම ප්‍රසිද්ධ කිරීමට බලාපොරොත්තු වෙමු.

 ETI, SFSL, CIFL , IFL වංචනික මූල්‍ය ආයතන : ශ්‍රී ලංකා මහබැංකුවට කැඳවා අවවාද කරයි

Tell a Friend