ඊජිප්තුව ගැන මහින්ද සහ මොහොමඩි නෂිඩි

වධහිංසාවට ලක්නොවිි සිටිමෙි අයිතිය, ඔබෙි මනස කතා කරවන්නට ඇති නිදහස, ඔබ කැමති ආණ්ඩුවක් බලයට පත් කිරිමෙි හැකියාව, යන මෙි නිදහස බටහිර දේවල් නෙමෙයි නමුත් මුලු ලෝකයම පිළිගත් මුලු ලෝකයටම අයිති සැමදෙනාගේ්ම අයිතින් යනුවෙන් පවසන්නේ ආසියාවෙි කුඩාම මුස්ලිමි රාජ්‍යයේ නායකයා ඒ කයන්නේ මාලදිවයින් ජනාධිපති මොහොමඩි නෂිඩිය. ඔහු මෙි බව සදහන් කළේ ඊජිප්තුවෙි හොස්නි මුබාරක්ව එරට මහ ජනතාව විසින් ගෙදර යැවිම පිළිබද තම ප‍්‍රීතිය ජාත්‍යයන්තර ප‍්‍රජාව සමග බෙදා හදාගත් අවස්තාවෙිදිය.

හැබැයි හෙට අනිද්දාට ආසියාවෙි ආශ්චර්ය්‍ය තම රටයයි කියා ගන්නා අපේ මහින්ද මෙම ඊජිප්තු ජනතාවගේ විජයග‍්‍රහනයේදි තවමත් නිහඩයි. නෂිඩි තවදුරටත් සදහන් කරන්නේ මුබාරක්ව ගෙදර යැවිම වුකලි ජනතාවගේ අයිතින් මර්ධනය කරන ආණ්ඩු නින්දෙන් අවධි කිරිමක් බවයි.

ඊජිප්තු ජනතාව මුබාරක් පාලනයට එරෙහිව ආරමිභක වෙඩි මුරය දියත් කළේ ෆේස් බුක්, ටුවටර් සහ වෙබි අඩවි ඔස්සේය. ශ‍්‍රී ලංකාවෙි මිට සති කිහිපයකට පෙර ඊ නිවිස් වෙබි අඩවි කාර්යාලය ගිනිබත් කළේය. දැන් එය එම මාධ්‍යය ආයතනයේම ක‍්‍රියාවක් බව කිමට ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටියි. මාධ්‍යයවෙිදි ප‍්‍රගිත් එක්නැලිගොඩ අතුරුදහන් කිරිමෙිදිද ආණ්ඩුව ගෙතුවෙි මෙවැනිම බොරුවකි.

ඊජිප්තුව ගැන මහින්ද නිහඩ වුවත් තම නිදහස දිනෙන් දින වහල් නිදහසක් බවට පරිවර්තනය වෙමින් තිබෙන තත්වයක් යටතේ ලාංකීය ජනතාව සිය සතුට මෙි මොහොතේදි ගැහෙන හදවතින් යුතුව ඊජිප්තු ජනතාව සමග බෙදාහදා ගනි.

මෙි ලිපිය ෆේස් බුක,් ටුවිටර් සහ ශ‍්‍රී ලංකා ගාඩියන් වෙබි අඩවියේ ප‍්‍රසිද්ධ කරනු ලැබෙි.


හර්ෂි සී. පෙරේරා