ලාදුරු රෝගියා දැක පැන දුවන්න එපා.

අද ඉරිදා ලංකාදීපයේ ජිවිතාන්තය දක්වා රෝහල් ගතවු ලාදුරු රෝගියෝ නැමති ලිපිය කියවිමට ලැබිණි. එම සටහන තබා තිබුණේ අසුන්තා එදිරිසුරිය විසිනි.

ලාදුරු රෝගය නිටිටාවටම සුව කිරිම සදහා ප‍්‍රතිකාර 1981දි සොයා ගනු ලැබිණි. නමුත් අදටත් එම රෝගය පිළිබද බිය සහ ලාදුරු රෝගියාව පිළිකුල් කිරිම ශ‍්‍රී ලාංකීය සමාජයෙන් තුරන්ව ගොස් නැත. ඒ නිසා ලාදුරු රොගින් ප‍්‍රතිකාර ගන්නේ සමාජයට හොරෙනි. ඔවුන් තමන්ට රෝගය ඇතැයි කිසිවෙකුටත් නොකයයි. රෝගයෙන් සුවය ලැබුවන්ද ඒ ගැන කතා කරනු අසන්නට නැත.

ලාදුරු රෝගය සැදෙන්නේ මයිකෝ බැක්ටිරියමි ලෙප්රේ නැමති බැක්ටිරියාව මගිනි. රෝගය බෝවෙන සහ බෝනොවෙන වශයෙන් දෙයාකාරය. වර්තමානයේදි බෝවෙන ලාදුරු වර්ගය සදහා ප‍්‍රත්‍යක්ෂ බැක්ටිරියා නාශක ඖෂධ සොයා ගෙන ඇති බැවින් එම ඖෂධය දින තුනක් භාවිතා කිරිමෙන් රෝග කාරකය සමිපුර්ණයෙන්ම විනාශ කර දැමිය හැකිය.

හැදල ලාදුරු රෝහල ලොව පැරණිම ලාදුරු රෝහල ලෙස සලකන අතර එහි සිටින්නේ සුවය ලැබු වැඩිහිටි රෝගින්ය. මෙම නිරෝගි පුද්ගලයන්ට අපේ ආකල්ප සහ අස්ථාන බිය හෙතුවෙන් නැවත සමාජ ගතවිම තහනමි කර ඇත.

අපේ සමාජය තුළින් ලාදුරු රෝගය පිළිබද ආකල්පමය වෙනසක් ඇති කිරිමට මෙය සුදුසුම කාලයයි. ඒ සදහා මාධ්‍යයට සුවිශේෂි කාර්යබාරයක් ඉටු කළහැක. රටක් සංවර්ධනය යනු හුදු භෞතික දියුණුව පමණක් නොව යල්පිනු වැරදි ආකල්පයන් ගෙන් මිදිමද වෙි.


හර්ෂි සී. පෙරේරා