ජෙනරාල්ගේ සුවදුක් බැලීම සඳහා අනෝමා ෆොන්සේකා මහත්මිය වැලිකඩ බන්ධානාගාරයට අද පෙරවරුවේ පැමිණි අතර බන්ධනාගාර නිලධාරීන් ජෙනරාල්වරයාව ඇය හමුවට ගෙන එන ලදි. එම අවස්ථාවේදී ජෙනරාල්වරයා ඔහුට අතවනමින් සුභ පැතූ ජනතාවට සහ මාධ්‍යවේධීන්ට පෙරලා අතවනමින් ආචාර පුදකළේය.
"රට නිදහස් කරගත් රණවිරුවා සිරගත කර සමරණ නිදහස සැබෑ නිදහසක් නොවේ" යන තේමාව යටතේ එක්සත් ජාතික පකෂය විසින් සංවිධානය කෙරෙන "නිදහසේ විලාපය" උද්ඝෝෂණය අද පස්වරු 7ට පුංචි බොරැල්ල මංසන්දියෙන් ආරම්භ වී ජෙනරාල්වරයා රඳවා සිටින බන්ධනාගාරය ඉදිරිපිටට පැමිණ විරෝධතාවයක් පැවැත්වීමට නියමිතය.

Post a Comment