සෞදියේ සිටින අපේ එවුන් බෙරා ගනිමු.


සෑබෑ අපේකම නමි අපේ එවුන් අමාරුවෙි වැටුන කළ ඔවුන්ව බෙිරා ගැනිමයි. විපතේදි අත්නොහැර සිටිමයි.

”සෞදි අරාබියේ පාලමක් යට සිටි ශ්‍රී ලාංකික ශ‍්‍රමිකයන් 125 දෙනා එරටේ චිත්ත නගර්හි කාමරයක කොටුකර සිටිතියි දඹුල්ලේ නාවුලින් එහි ගිය අයෙක් දුරකතනයෙන් කීවේය.

නාවුල පදිංචි විජිත බණ්ඩාර සරත්නායක මහතා සඳහන් කළේ දිනකට එක් වේලක් පමණක් තමන් ඇතුළු කණ්ඩායමට ආහාර ලැබෙන බවයි. ඉතිරි දෙවේල කුස ගින්නේ සිටින බවත් තමාට ශ්‍රී ලංකාවට ඒම ගැන බලාපොරොත්තු තැබිය නොහැකි බවත් ඔහු සඳහන් කළේය.

තව දින කිහිපයකින් එරට පොලිසිය මගින් තමන් ඇතුළු කණ්ඩායම රැුගෙන යන බවට පොලිසිය පැමිණ දැනුම් දුන් බවද ඔහු පැවසීය. දැඩි අසරණ තත්ත්වයේ සිටින තම කණ්ඩායම ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නැයි ඔවූහු ආයාචනා කරති.”

ඉහත ප‍්‍රවෘත්තිය පළ වුයේ ලංකාදීප ඊ පුවත් පතෙහිය. අපිට මෙි අවස්ථාවෙි යළි යළිත් සහිපත්වන විදේශ්ගත ශ‍්‍රී ලාංකිය ශ‍්‍රමිකයින් අතර රිසානා නාෆික් පමණක් නොව ඇන ගසා කටු ගසා වධයට පත් කළ සහෝදරියන් ගණනාවක්ද සිටිති.


අපේ ආණ්ඩුව මෙම ගෘහ සේවකයින්ගේ ආරක්ෂාව සමිබන්ධයෙන් දක්වන්නා වු නොසැලකල්ල දිගින් දිගටම මෙවැනි සිද්ධින් හරහා ප‍්‍රකාශයට පත්වෙි. එක් අතකට අපේ රටෙි විදේශ ප‍්‍රතිපත්තයේ පවත්නා දුර්වලතාවයද මෙමගන් මැනවින් පිළිබිඔු කරයි. මෙවැනි නොසලකා හැරිම නිසා පිඩාවට පත්වන්නේ මෙරටට වැඩිම විදේශ විනිමයක් උපයා දෙන ඒ වෙනුවෙන් තම ලේ දහඩිය සහ කදුලු වගුරන නැති බැරි පිිරසකි.

සියලුම පක්ෂ විපක්ෂ වගකිවයුත්තන් මොවුන් වෙනුවෙන් පෙනි සිටිය යුතුයි. ක‍්‍රියාත්මක විය යුතුයි. ඒ මත පමණක් පක්ෂ විපක්ෂ සියලු දෙනාගේත් අවසාන වශයෙන් රටෙත් පැවැත්ම තිරණය වෙි. තින්දු වෙි.


හර්ෂි සී. පෙරේරා