ඩයිනොසර්ලාට මගුල් සරසවි සිසුන්ට ?

 මගුල් කෑමක්

පසුගිය දෙසැම්බරයේ ජීවන් කුමාරතුංග අමාත්යවරයා ලංකාවේ සාමාජිකයන් සදහා පමණක් වෙන්වූ වෝටර් එජ් හිදී හර්ෂමාන යන අයට තමාගේ වැඩිමහල් දියණිය වන මල්ෂා විවාහ කර දුන්නේ රුපියල් කෝටි ගණන් වියදම් කරවමිනි. දේශපාලනයට පිවිසි මේ චිත්රපට නළුවා රුපියල් මිලියන හතක් කෑම බිම සදහා වියදම් කිරීම ජනතාවගේ අවදානයට යොමු විය යුතු කරුණකි. ලංකාවේ ඇමතිවරයෙකුට රුපියල් මිලියන ගණනක් ආහාර පාන සදහා වියදම් කිරීමට හැකි වීම පුදුමයට කරුණකි. මන්ද ඔවුන්ගේ මාසික අදායම 72 000 ක් පමණි. එයට අමතරව ඇමතිවරයෙකුට මසකට ඉන්ධන අසීමිත ප්රමාණයක් හා ගෙවල් කුලී වශයෙන් 50 000 ක් ලැබේ.

දැන් පහත ලංකාදීප ඊ පුවත වෙත යොමුවන්න.

සිසු නේවාසිකාගාර ගාස්තු ඉහළ දැමීමට විරෝධය දක්වමින් රුහුණ සරසවියේ ගාල්ල කරාපිටිය වෛද්‍ය පීඨ සිසුහු හාර සියයක් පමණ අද උද්ඝෝෂණයක් කළහ. රුපියල් හයසියයක් වූ නේවාසිකාගාර කුලිය මේ වසරේ රුපියල් හය දහස දක්වා වැඩිකැර ඇතැයි ඔවුහු කියති.

ඇත්තටම ඩයිනොසර්ලාට මොකද වුනේ?

මෙහෙම අහන්නේ වර්තමානයේ ආණ්ඩු පක්ෂ දේශපාලනඥයින් සහ වදවි ගිය ඩයිනොසර්ලත් අතර වෙනසක් නැති නිසා. ඩයිනොසර්ලා කන්න දෙයක් නැති නිසා වදවි ගියා. අපේ ඇමතිවරු ජගුවාර්වල ගිහිල්ලා දුලගේ මගුල් කන්න ගිහිල්ලා වැඩි දවසක් යන්න කලින් මුලු රටම කනවා. අපේ ඉස්කොලවල ළමයින්ට ඩෙස් පුටු නැහැ. අකුරු කරන්නේ පැදුරු කඩමාලු වල. අපේ සරසවි සිසුන්ගේ නේවාසික ගාස්තු අහස උසට වැඩි කරලා. පලයල්ලා ජගුවාර් වල. කොටි ගණන් වියදමි කරලා කාපල්ලා මගුල්. මුලු රටම කාලා ඉවර වුනාම කන්න නැති වුනාම ඩයිනෝසර්ලා වද වුනාලු.

හර්ෂි සී. පෙරේරා