EXCLUSIVE : ලංකාවේ බුද්ධි ප්‍රධානියා කේ.පි හුරතල් කරයි

ජනරාල් කපිල හෙන්දවිතාරණ යටතේ සම්පුර්ණයෙන්ම පාලනය වන කොටි සංවිධානයේ නායකයා වන කුමාරන් පද්මනාදන් හෙවත් කේ. පි. හට දේශපාලන පක්ෂයක් පිහිටුවීමට සැලසුම් අදාළ ජනරාල් වරයා විසින් කරමින් තිබෙන බව ආරක්ෂක අමාත්‍යංශයේ ආරංචි මාර්ග මීට සුළු වෙලාවකට පෙර ලංකා ගාර්ඩියන් වෙත සැල කළ සිටියේය.

එසේම වන්නියේ මේ වනවිට කේ. පී. යටතේ ගොවිපලක් කරගෙන යන මුවාවෙන් රහස් කඳවුරක් ක්‍රියාත්මක බවත් එහි එකම අරමුණ ආණ්ඩුවට එරෙහි විපක්ෂ දේශපාලනඥයින් සහ ක්‍රියාකාරිකයින් නිහඬ කිරීම හෝ මරා දැමීම බවත් ආරංචි මාර්ග කියා සිටියි. විශේෂයෙන් පසුගිය කාලය පුරාම යාපනයේදී සිදු වූ මිනිස් ඝාතන වලට අදාළ සැලසුම් සකස් කරනු ලබු වේ අදාළ කඳවුරේ දී බවත් වාර්තා වේ. මෙකී සියලු කටයුතු සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙනු ලබන්නේ ජනරාල් කපිල හෙන්දවිතාරණ බව වාර්තා වන අතර හෙතම තමන්ගේ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා සන්නද්ධ බලඇණි පිරිවරා තායි කතුන් වෙසෙන රාත්‍රී සමාජ ශාලා වලට ගොඩ වැදීමට පුරුදු වී සිටින බවද වාර්තා වේ.


Tell a Friend