ගාල්ල - මාතර අධිවේගී දුම්රිය ගමන, රුපියල් කෝටි 360 ක් වැය කළ සංදර්ශණයක් පමණයි.


මෙරට ජනතාවගේ මුදල් රුපියල් කෝටි 360 ක් පමණ වැය කොට, ඉන්දියානු රයිට්ස් සමාගම ම`ගින් ප්‍රතිසංස්කරණය කර ගනු ලැබු ගාල්ල - මාතර දුම්රිය මාර්ගය යනු වැය කළ මුදලට ගැලපෙන ප්‍රතිලාභ ලබාගත් ව්‍යාපෘතියක් නොව මහජන මුදල් කෝටි ගණනින් වැය කළ මාධ්‍ය සංදර්ශනයක් පමණක් බව පෙන්වා දෙන අතර, තවත් ආකාරයකින් ප්‍රකාශ කරන්නේ නම් ගාල්ල - මාතර අධිෙවිගි දුම්රිය ගමන යනු ගස් නැති රටක තුත්තිරි ගසත්, ගසක් වැන්නාක් වැනි කටයුත්තක් බව පෙන්වා දෙන්නෙමු. මෙම දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරිමෙන් පසු ගමන් කළ පරීක‍ෂණ දුම්රියත්, 2011.02.16 දින ගමන් කළ මංගල දුම්රියත් ගාල්ලේ සිට කිලෝමීටර් 43 ක් වු මාතර දක්වා ගමන් කිරීමට විනාඩි 38 ක කාලයක් ගෙන ඇත. එය පැයට කිලෝ මීටර් 100 ක වේගයක් නොව පැයට කිලෝ මීටර් 80 ක වේගයකි. සාමාන්‍ය ම`ගින් නොමැතිව ගමන් කළ දුම්රියේ වේගය එසේ වුවත් එදිනම ගමන් කළ ම`ගී දුමිරියයන් වු රුහුණු කුමාරි දුම්රිය ගාල්ල සිට මාතර දක්වා ගමන් කිරිමට සුපුරුදු පරිදි විනාඩි 50 ක්ද, ගා කුමාරි දුම්රිය
ගාල්ල සිට මාතරට යාම ස`දහා විනාඩි 75 ක්ද ගත කිරීමෙන් පෙනි යන්නේ ගාල්ල - මාතර අධිවේගි දුම්රිය සේවයත්, ආණ්ඩුවේ අසාර්ථක ව්‍යාපෘති ගොන්නේ තවත් එක් ව්‍යාපෘතියක් පමණක් බව සදහන් කර සිටිමු.

දුම්රිය ධාවනයේදි මෙරට ජනතාව ඉල්ලා සිටින්නේ අධිවේගි දුම්රිය සේවයක් නොව කලට ෙවිලාවට ධාවනය වන දුම්රිය සේවයකි. මෙම අවශ්‍යතාවය ඉටු කිරිෙමිදි දුම්රිය දෙපාර්තමේන්තුව මුහුණ දෙන අවශ්‍ය සිලපර්, රේලි පීලී ඇතුළු අනෙකුත් අමුද්‍රව්‍ය, එන්ජින් සහ මැදිරි වල දෝෂ සහ සංඥා පද්ධතියේ පවතින දෝෂ සහිත තත්වයන් අතරට දුම්රිය ස්ථාන අතර එකිනෙක දුම්රියයන් මාරු වීෙමිදී සිදුවන ප්‍රමාදයද ප්‍රධාන තැනක් ගනි.

දුම්රිය ස්ථාන අතර එකිනෙක දුම්රියයන් මාරුවීමේදි සිදුවන ප්‍රමාදය අවම කිරිමට නමි සිදුකල යුත්තේ තනි මාර්ග පද්ධතිය, ද්විත්ව මාර්ග දක්වා සංවර්ධනය කිරීමය. ගාල්ල- මාතර දක්වා සිදු කල යුතුව තිබුණේද එවැන්නක් වුවත් කේවටිටයින්ගේ උපදෙස් පිළිිපදින, ප්‍රවාහනය පිළිබදව දැක්මක් නොමැති ආණ්ඩුව රුපියල් කෝටි 360 ක පමණ මුදලක් ඉන්දියාවට පුජා කොට තවත් ජාතික අපරාධයක් සිදු කොට ඇත.

විදෙස් රටවල උපදෙස් හෝ වෙනත් සහයෝගයන් නොමැතිව පැයට කිලෝ මීටර් 70-80 ක් අතර වේගයෙන් ධාවනය වන දුම්රිය මාර්ග පද්ධතියක් දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ඇත. අවශ්‍ය උපකරණ ඇතුළු අමුද්‍රව්‍ය සහ සේවක ගෙවීම් කලට ෙවිලාවට ලබාදෙන්නේ නම් පැයට කිලෝ මිටර් 100 ක වේගයෙන් වුවත් දුම්රිය ගමන් කරවිය හැකි දැනුම,ඥාණය සහ උවමනාව සහිත ඉංජිනේරුවරුන් සහ දුම්රිය සේවකයින් දුම්රිය සතුව ඇත.

දේශපාලන වාසි අපේක‍ෂාවෙන් සිදුකරන අසාර්ථක ව්‍යාපෘති වෙනුවෙන් ආණ්ඩුව වැය කරන සෑම සතයක් තුලම මෙරට දුක්විදින ජනතාවගේ දහඩිය සුව`ද එක්වි ඇත.

Tell a Friend