ඉන්දිය ධිවරයින් දින 14ක් දක්වා රිමාන්ඩි

අද අත්අඩංගුවට පත් ඉන්දිය ධිවරයින් 112 දෙනාව මහේස්ත‍්‍රත් අධිකරණයට ඉදිරිපත් කරන ලදි. ඒ අවස්ථාවෙිදි ඔවුන් දින 14ක කාලයක් සදහා රිමාන්ඩි බන්ධනාගාර ගත කරන ලදි.

නිළධාරියකු ප‍්‍රකාශ කළේ ඔවුන්ව නිදහස් කිරිමට පෙර අවශ්‍යය නෛතික ක‍්‍රියාධාමය සමිපුර්ණ කිරිමට අධිකරණයට අවශ්‍යය වු බවයි. බදාදා සහ බ‍්‍රහස්පතින්දා නිවාඩු දිනයන් බැවින් ඊට පෙර ඔවුන් නිදහස් කරගැනිමට වෙහෙසකර රාජතාන්ත‍්‍රි ප‍්‍රයත්නයක් දරනු ලැබිය. බ‍්‍රහස්පතින්දා බෞද්ධයින්ට වැදගත් වු පෝය නිවාඩුවක් යෙදි ඇත.

අද දහවලේදිද බලාපොරොත්තු වුයේ අද හවස්වරුවෙි ඔවුන් නිදහස් කරනු ඇතිි බවයි. නමුක් අදාල කටයුතු සමිපුර්ණ කිරිම වෙිලාවට විධිමත්ව සිදුනොවුනු බැවින් නිතිමය විකල්පයක් ගැනිම සිකුරාදා දක්වා කල්යන ලදි.

යාපනයේ ඉන්දිය කොන්සල් නිළධාරින් ප‍්‍රකාශ කරන ආකාරයට මෙම ධිවරයින් 112 දෙනා ට්‍රෝලර් යාත‍්‍රා 18ක්ද සමග රදවා ගෙන සිටිති.

යාපනයේ දෙමළ ධිවරයින් විසින් මෙම ඉන්දිය ධිවරයින්ව අල්ලා ගනු ලැබිණි. ශ‍්‍රී ලංකා නාවික හමුදාව පවසන ආකාරයට පොයින්ටි පෙඩිරෝවල සිට කිලෝමිටර් 15ක් හෝ 20ක් මෙහායින් මෙය සිදුවි ඇත. ඊට පසුව මොවුන්ව එහි පොලිසියට භාරදි ඇත.



ද හින්දු ඇසුරෙන්
හර්ෂි සී. පෙරේරා