ඒකාධිපති ගඩාෆිගේ ස්විස් බැංකු ගිණුම් රාජසන්තක කෙරේ: වෙඩි තැබීම් වලින් පුද්ගලයින් 2000 ක් මරුට


අද සිකුරාදා පැවති යාඥා මෙහෙන් පසු දස දහස් ජනයා වීදි බැස ගදිෆි පලනයට එරෙහිව විරිධතවයේ යෙදී සිටින අයුරු දැක ගත හැකි විය. එහිදී ඒකාධිපති ගඩාෆි විරෝධතා කරුවන්ට වෙඩි තබන ලෙස නියෝග කල අතර මේ වන විට ලැබෙන අලුත්ම වාර්තා වලට අනුව පුගලයින් 10 දෙනෙකු පමණ මියගොස් ඇති බව වාර්තා වේ. මරණ සංඛ්‍යාව තව දුරටත් ඉහල යා හැකිය.

ට්‍රිපොලි හි විවිධ ප්‍රදේශ වල පැවති විරෝධතා රැසකට ගඩාෆි එකාධිපතියට හිතවත් ආරක්ෂක හමුදා විසින් වෙඩි තබනු ලැබීය. වෙඩි තැබීම් පිළිබඳව මාධ්‍යට අදහස් දැක් වූ බොහෝ දෙනෙක් වීදි දිගේ මළ සිරරු විසිරු තිබුණු තමන් දුටු බව බව ප්‍රකාශ කළහ.

ඒකාධිපති ගඩාෆි රජය මාධයෙන් කතා කරමින් අදාළ උද්ඝෝෂණ පිටිපස අල කයිද සංවිධානය විටින බව සහ ඔවුහු තරුණයින්ගේ මොළශෝධනය කරණ බව ප්‍රකාශ කිරීමෙන් පැය 24 ගත වීමටත් පෙර මේ ආකාරයෙන් ජනතාව විශාල වශයෙන් විදී බැසීම විශේෂ කාරණයක් වේ.



මේ අතර උද්ඝෝෂණ වලට වෙඩි තැබීම හේතුවෙන් පසු ගිය දින කිහිපය පුර පුද්ගලයින් විශාල පිරිසක් මිය ගිය අතර මානව හිමිකම් සංවිධානවලට අනුව එය 2000 පමණ යයි සඳහන් වේ. එසේම පවතින තටහ්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල විශේෂ සාකච්චාවක් පවත්වා ඇති බව වාර්තා වේ. එසේම ගඩාෆිට සම්බන්ධ ස්විස්ටර්ලන්තයේ ඇතියි සැලකෙන සියලුම වත්කම් රජ සන්තක කොට ඇති බව වාර්තා වේ.

Tell a Friend