ඉන්දියාවේ වන්දනා චාරිකාවක ගිය ශ්‍රී ලාංකික කතුන් 2ක් කන්දකින් වැටී මිය යති


මහින්ද අලුත්ගෙදර

වන්දනා කිරීම සඳහා ඉන්දියාව බලාගිය ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනකු කන්දක් තරණය කිරීමට යාමේදී එයින් ඇද වැටී මියගොස් ඇත. ගයා සහ නාලන්දා දිස්ත්‍රික්කවලට අයත් බිහාර් ප්‍රාන්තයේ ස්ථාන දෙකකදී මේ දෙදෙනා මිය ගොස් තිබෙන අතර ඔවුන්ගේ මළ සිරුරු ඉන්දීය මහා බෝධි සංගමය වෙත බාර දී තිබේ. තිස්එක් හැවිරිදි ඩබ්ලිව්. රණවතී සහ 76 හැවිරිදි වීරමුණි නීලගේ නමැති අය මෙලෙස මියගොස් තිබේ.

නාලන්දා දිස්ත්‍රික්කයට ආසන්න රාජග්‍රීජ් ප්‍රදේශයේ ගිජ්ජකූඨ පර්වතය හා ගයා දිස්ත්‍රික්කයේ ගුම්ගෙස්වරි කන්ද තරණය කිරීමට යාමේදී මේ අනතුර සිදුව ඇතැයි තානාපති ආරංචි මාර්ග පවසයි. මේ සම්බන්ධයෙන් ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය දැනුම්වත් කර තිබෙන අතර ඉදිරි දින කිහිපය තුළ මියගිය කාන්තාවන් දෙදෙනාගේ මළසිරුරු ශ්‍රී ලංකාවට ගෙන ඒමට නියමිතව ඇත. වන්දනා සඳහා ඉන්දියාවට ගිය 50 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක දෙදෙනකු මෙලෙස මියගියහ.



Tell a Friend