EXCLUSIVE: ඇමති බදුර්දීන් කොටින්ගේ වාහන යකඩ වලට විකුණයි

මෙන්න හොරෙක්....!!!

නැවත පදිංචි කිරීමේ ඇමතිවරයා ලෙස කටයුතු කළ සහ ජනාධිපතිගේ සහෝදරයා වන බැසිල් රාජපක්ෂගේ ගජ මිතුරෙකු වන රිසාඩ් බදුර්දීන් කොටි සංවිධානයේ පාලනය යටතේ පැවති ප්‍රදේශ වල තිබු වාහන සොරකම් කොට ඒවායේ එන්ජිම වෙනම ගලවා අනෙක් කොටස් වෙන් කොට යකඩ වලට විකිණීමේ ජාවාරමක නිරත වෙන බව ලංකා ගාර්ඩියන් වෙත වාර්තා වේ. අදාල ජාවාරම හෙතම දීර්ඝ කාලයක් තිස්සේ සිදු කරන අතර ඉන් මිලියන ගණනක පුද්ගලික බූදලයක් මේ වන විට සකස් කොට ගෙන තිබේ. අදාල වාහන යකඩ සඳහා විකිණීමේදී පුත්තලමේ එක්තරා ප්‍රදේශයකදී සිදු කරන බව වාර්තා වේ. මේ සඳහා රජයේ ඉහල පෙළේ අයගෙන් අනුග්‍රහයද ලැබෙන බව අපි වෙත වැඩි දුරටත් වාර්තා වේ.


Tell a Friend