මම එයත් එක්ක ලිංගිකව හැසිරුණේ නැහැ - ඉතාලි අගමැතිගේ බාලවයස්කාර පෙම්වතිය

මිලාන් හී අධිකරණය ඉදිරියේ පෙනී සිටිමින් කරීම අල් මහරුඛ් හෙවත් රුබි නමැති මොරොක්කෝ ජාතික පෙම්වතිය කියා සිටිය තමන් අගමැති සිල්වියෝ බෙර්ලුස්කොනියෝ සමඟ ලිංගික සම්බන්ධයක් පැවැත් වූයේ නැති බවයි.

" මට එයත් එක්ක කිසිම ලිංගික සම්බන්ධයක් තිබුනේ නැහැ. නමුත් මට අගමැතිවරයා යුරෝ 7000 එනම් ඇමෙරිකානු ඩොලර් 9372 ලබා දුන්නා. එම මුදල දුන්නේ මට රස්සාවක් හොයා ගන්න ඕඅන කිව්වම පස්සේ එකට උදව්වක් හැටියට. නමුත් මේ සම්බන්ධයෙන් පලවන බොහෝ වාර්තා වල පලවන්නේ අසත්‍ය තොරතුරු, යයි රුබි, රිපබ්ලිකා පුවත්පතට ප්‍රකාශ කළාය.

තමන් විසින් සිදුකල දුෂණ වලට එරෙහිව සහ ගණිකාවන් ඇසුරු කලේ යයි චෝදනා කරමින් අගමැතිවරයාට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ වී ඇත.

Tell a Friend