මැරුවේ කෙහෙල්වත්තේ කිත්සිරි - ( නිවැරදි කිරීමයි )

ඊයේදී අපි විසින් ලංකාවේ රූපවාහිනී නාලිකාවක් වන ස්වර්ණවාහිනී නාලිකාවට අනුබද්ධ වෙබ් අඩවියක් විසින් පල කරනු ලැබූ පුවත උපුටා දැක් වූ නමුත් ඉන් පසු අපට වර්තා වූයේ එකසත් ජාතික පක්ෂය සමඟ සම්බන්ධ වී කටයුතු කරණ කිත්සිරි රාජපකෂ මහතාට ජිවිත අනතුරක් සිදු වී නොමැති බවත් මිය ගොස් ඇත්තේ කෙසෙල්වත්තේ පදිංචි අයෙකු බවත්ය.

වාර්තා වන අන්දමට කෙහෙල්වත්ත ප‍්‍රදේශයේ පාතාලය සමග සමීපව කටයුතු කර ඇති මයියාගේ සොයුරෙකු වන කිත්සිරි රාජපක්‍ෂ නමැති අයට කෙහෙල්වත්ත මිහිඳු මාවත ප‍්‍රදේශයේ වත්තක සිටියදී ත‍්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් වෙඩි තබා පලා ගොස් ඇත.

දිගු කලක් ඉතාලියේ පදිංචිව සිටි මයියාද මීට මාස 04කට පෙරදී නාඳුනන සන්නද්ධ කණ්ඩායමක් විසින් ඝාතනය කර ඇත.

ඊයේ දහවල් මෙම වෙඩි තැබීම සිදු වී ඇත් බවත්, මෙම ඝාතනයට සම්බන්ධ පුද්ගලයන් සොයා ගැනීම සඳහා වැඩිදුර පරීක්‍ෂණ ආරම්භ කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, පොලිස් අධිකාරී ප‍්‍රිශාන්ත ජයකොඩි මහතා ප‍්‍රකාශ කරයි.


( අදාල පුවත් ආයතනයේ අසත්‍ය පුවත උපුටා දැක්වීම සමබන්ධයෙන් අපේ පාඨකයින්ට කණගාටුව ප්‍රකාශ කරන්නෙමු )

Tell a Friend