බ‍්‍රිතාන්‍යය ආධාර යටතේ ඉදිවු පාලම විවෘත කෙරේ

යාපනය මන්නාරම එ් 32 මාර්ගයේ පූනරින් සහ යාපනය යා කරමින් පිහිටි සන්ගුපිඞ්ඩි නව පාලම ඊයේ ජනාධිපතිවරයා විසින්  කරන ලදී. මෙම පාලම හේතුවෙන් එ් 9 මාර්ගයෙන් කොළඹ සිට යාපනයට ලඟා වනුවාට වඩා කි.මී. 110 ක් අඩු වන අතර පැය තුනක ගමන් කාලයක් ද අඩු වේ. මෙම පාලම දිගින් මීටර් 288 ක් වන අතර පළල මීටර් 7.5 කි. මං තීරු දෙකකි. මේ සඳහා රුපියල් මිලියන 1037 ක් වියදම් වී ඇති අතර ආණ්ඩුවේ ඇමැතිවරුන් පවසන පරිදි ලංකාවේ දියුණුව බලාගෙන ඉන්නට නොහැකි අධිරාජ්‍යවාදී බි‍්‍රතාන්‍ය රජය විසින් මේ සඳහා පූර්ණ ආධාරය ප‍්‍රදානය කර ඇත.

ජනාධිපති රාජපක්‍ෂ මහතා මෙහිදී සම්පූර්ණයෙන්ම දෙමළ භාෂාවෙන් කතා කෙළේය. කියන දේ කරන කරන දේ කියන ආණ්ඩුවක් ලෙස මේ පාලම සෑ¥ බව ඔහු දෙමළ භාෂාවෙන් කීවේය. මේ අවස්ථාවට ඩග්ලස් දේවානන්දා බැසිල් රාජපක්‍ෂ ඇමැතිවරු ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.