හෙට උද්ඝෝෂණයට එක්වන්න

 සන්ඬේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික‍්‍රමතුංග මහතා ඝාතනය කර වසර 2 ක් පිරීමත්, සිරස මැදිරි සංකීර්ණය විනාශ කර වසර 2 ක් ගතවීමත් ‘ලංකා ඊ නිව්ස්’ මාධ්‍යවේදී ප‍්‍රගිත් එක්නැලිගොඩ මහතා අතුරුදහන් කර වසරක් ගතවීමටත් විරෝධය පෑමට හා මෙම සිද්ධීන් සඳහා කළ පරීක්ෂණ හෙළිදරව් කිරීමට ආණ්ඩුවට බල කිරීම සඳහා පවත්වන උද්ඝෝෂණයක් හෙට(18* දහවල් 12 ට කොළඹ කොටුව දුම්රිය පොල ඉදිරිපිට දී පැවැත්වෙන බව මාධ්‍ය සංවිධාන එකමුතුව දැනුම් දෙයි.