මාළිගාවෙ දැව කොල්ලයට දෑලත් සමිබන්ධයිද?

මහනුවර දළදා මාලිගයට අයත් ඉඩමක අනවසරයෙන් කොස්, ගිනිසපු, ඇතුළු ගස් කැපී යැයි සැකපිට ඇමැති ආරක්ෂක සේවයේ පොලිස් පරීක්ෂක එම්.යූ. මිණිපුර මහනුවර අතිරේක මහේස්ත‍්‍රාත් රවීන්ද්‍ර පේ‍්‍රමරත්න මහතා විසින් ලබන 27 වැනි දා තෙක් රිමාන්ඞ් කරනු ලැබීය. ඔහු දියවඩන නිළමේ නිලංග දෑල මහතාගේ ආරක්ෂක නිලධරයෙකි. ඔහු නීතිඥවරයකු විසින් උසාවියට බාර විය.