මගුල් කෑම - ගිනිගත්හේනේ පාසලක්

 ගිනිගත්හේනේ නවෝද්‍යා මැදි විදුහලේ විදුහල්පති ඇතුළු ගුරුවරු අද පාසල වසා මාතලේ මඟුල් ගෙදරක ගියහ.විදුහල්පති එම්.විජේරත්න මහතා පැවසුයේ කලාප කාර්යාලයේ අතිරේක අධ්‍යාපන අධ්‍යක්‍ෂ අනුමැතියෙන් පාසල වැසු බවයි.මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක මහතා කියනුයේ පාසලක් වැසීමට කලාප අධ්‍යක්‍ෂකට බලයක් නැති බවයි.මේ ගැන පරීක්‍ෂණයක් පවත්වන බව මහ ඇමැති පවසයි.