Home news ජවිපෙන් නාම යෝජනා කමිටුවක්
ජවිපෙන් නාම යෝජනා කමිටුවක්
By Sri Lanka Guardian • January 10, 2011 • news • Comments : 0
ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා සැකසීමට ජනතා විමුක්ති පෙරමුණ කමිටුවක් නම් කර තිබේ. ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් සහෝදරයා, දේශපාලන මණ්ඩල සභිකයින් වන අනුර දිසානායක සහෝදරයා, ලාල් කාන්ත සහෝදරයා සහ මධ්‍යම කාරක සභිකයින් වන බිමල් රත්නායක සහෝදරයා හා රාමලිංගම් චන්ද්‍රසේකර් සහෝදරයා ඊට ඇතුළත් වෙති. ජනවාරි මස 17 වැනිදා වන විට නාම යෝජනා සැකසීමේ මූලික කටයුතු අවසන් කිරීමට ඉලක්ක කර තිබේ. සියලූම පළාත් පාලන ආයතනවලට තරග කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර ඇති බව එම පක්ෂය විසින් නිකුත් කල නිවේදනයේ සඳහන් වේ.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment