රංගිරි දඹුලු විහාරාධිපති දේශපාලනයට

 රංගිරි දඹුලූ විහාරාධිපති පූජ්‍ය ඉනාමළුවේ සුමංගල හිමියන් මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වීමට තීරණය කර ඇත. එහිමියන්ගේ නායකත්වය ඇති බෞද්ධ සංඝ සභාව දඹුල්ල හා මාතලේ ප‍්‍රාදේශීය සභා කිහිපයකට තරග වදින්නට නාම යෝජනා සකස් කරමින් සිටින බවද වාර්තාවේ.කෙසේ වෙතත් මෙම පක්ෂය තවම කොමසාරිස්වරයාගේ අනුමැතිය නොලබා ඇති හෙයින් ස්වාධින අපේක්ෂකයෙකු හරහා මැතිවරණයට ඉදිරිපත් වනු ඇතැයිද පැවසේ.