පළාත් පාලන මැතිවරණය: ප්‍රචණ්ඩ ක්‍රියා ඇරඹේ


කීර්ති තෙන්නකෝන්


පළාත් පාලන මැතිවරණය - නාම යෝජනා බාරදීමත් සමඟ ප්‍රදේශ ගණනාවක තර්ජනය කිරීම්, රථ පෙළපාලි සහ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා බාර ගැනීම අවසන්වීමෙන් පසුව දිවයිනේ ප්‍රදේශ ගණනාවකින් පෙරහැර පැවැත්වීම, තර්ජනය කිරීම් සහ බිය ගැන්වීම් පිළිබඳ සිදුවීම් වාර්තාවීම පිළිබඳ කැෆේ සංවිධානය සිය දැඩි කනස්සල්ල පළ කරයි.

මැතිවරණ ක්‍රියාවලියේ ආරම්භ අවදියේ ම ගැටුම්කාරී තත්ත්වයන් වාර්තාවීම සහ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් වැලැක්වීමට අසමත්වීම පූර්ව මැතිවරණ සමයේ අපේක‍ෂා කරන සාමකාමී තත්ත්වයට අහිතකර බලපෑම් ඇති කළ හැකි බව කැෆේ සංවිධානයේ නිරීක‍ෂණය යි.

කොළඹ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරිවරයාට තර්ජනය කිරීම සහ මාතලේ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි කාර්යාලයේ එකම පක‍ෂයේ දෙපිරිසක් අතර සිදු වූ ගැටුම්කාරී තත්ත්වයක් ඊයේ දහවල් වාර්තා විය. නාම යෝජනා ප්‍රතිෙක‍ෂ්ප කිරීමේ සිදුවීමක් හේතුවෙන් නුවරඑළිය නගරයේ එකම සන්ධානයක් ලෙස තරග වදින කණ්ඩායම් දෙකක් අතර නොසන්සුන් තත්ත්වයක් වර්ධනය වී තිබුණි.

උතුරු ප්‍රදේශයෙන් හැර දිවයිනේ අනෙකුත් පළාත් ගණනාවක රථ පෙළපාලි පැවැත්වීම පිළිබඳ සිදුවීම් වාර්තා වී ඇත. ප්‍රධාන දේශපාලන පක‍ෂ දෙක නියෝජනය කරන අපේක‍ෂකයින්ගේ ආධාරකරුවන් මෙලෙස මැතිවරණ නීතිය උල්ලංඝණය කරමින් රථ පෙළපාලි පවත්වන ලදී. ගම්පහ, ගාල්ල, මාතර, මහනුවර, අනුරාධපුර. පොළොන්නරුව, කෑගල්ල, කුරුණෑගල දිස්ත්‍රික්කයන් හි මෙම තත්ත්වය වඩාත් කැපී පෙනුණි.

රත්නපුර දිස්ත්‍රික්කයේ කහවත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමක් වාර්තා වී ඇත. එයට අමතරව සැරසිලි කඩා දැමීම් සහ පෝස්ටර් ඇතුළු නීති විරෝධී වෙනත් ප්‍රචාරක කටයුතු ආශ්‍රිත තර්ජනය කිරීම්, කොඩි වැල් කපා දැමීම්, වාර්තා වී ඇත. වැලිගම ප්‍රදේශයේ දී මැතිවරණයට නාමයෝජනා බාරදී ඇති අපේක‍ෂකයෙකුට ඉල්ලා අස්වන ලෙස තර්ජනය කිරීම් පිළිබඳ පැමිණිල්ලක් ද කැෆේ සංවිධානය වෙත ලැබී ඇත. මැතිවරණ ක්‍රියාවලිය ආරම්භවීමත් සමඟම මැතිවරණ නීති ආරක‍ෂා කිරීමේ කි්‍රයාවලිය දැඩි පාලනයකට නතු කිරීමේ අවශ්‍යතාව කැෆේ සංවිධානය දැඩිව අවධාරණය කරයි.
Tell a Friend