පැවති ආණ්ඩු සහ පවතින ආණ්ඩුව ගැන අනුර කුමාර දිසානායක


අපේ රටේ පොලීසියට සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අසමත් වූ සෑම ඝාතනයක්ම පැහැර ගැනීමක් සහ අතුරුදහන් කිරීමක්ම පිටුපස සිටින්නේ, ජනාධිපති මහින්ද රජපක්‍ෂ මහතාගේ ආණ්ඩුව බව, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

මෙය ජනාධිපති රාජපක්‍ෂ මහතා යටතේ පමණක් නොව, විශේෂයෙන්ම 1977 සිට මේ රට පාලනය කළ සෑම ආණුඩවක් යටතේම පොලිසියට සොයා ගත නොහැකි වූ සෑම ඝාතනයක්ම පැහැර ගැනීමක්ම සහ අතුරුහදන් කිරිමක් පිටු පස සිටියේ, එම ආණ්ඩු බව කී දිසානායක මහතා ජනාධිපති රාජපක්‍ෂ මහතාගේ පාලන කාලය තුල එම තත්ත්වය ඉතිහාසය පරදවමින් පෙරටවිත් ඇති බවත් පැවසීය.

අපේ රටේ පොලිසිය ක‍්‍රියාත්මක වන විධිය සම්බන්ධයෙන් අපට ප‍්‍රශ්න තිබුනත් ඉතා සුක්ෂමව කළ අපරාධයක් වුවත්, සොයා ගැනීමට අපේ පොලිසියට හොඳ ඉවක් තිබෙන බව කී දිසානායක මහතා විදේශ ඇමැති කදිර්ගාමර් මහතාගේ ඝාතනය මහ මහ බැංකු බෝම්බය වැනි සිද්ධීන් උදාහරණ වශයෙන් ගෙන හැර දක්වමින් පැවසීය.


දිසානායක මහතා එසේ පැවැසූවේ, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා ජනතා ව්‍යාපාරය ආණ්ඩුවේ උදහස සහ ජනතාවගේ නිදහස යන මැයෙන් කොළඹ මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේ ඊයේ (13* පැවැති සම්මන්ත‍්‍රණය අමතමිනි.