ආණ්ඩුව වැඩිකළ වැටුපෙන් පාටියක්

අද දින රාජ්‍ය සේවකයන් විසින් ආණ්ඩුවට විරෝධය එල්ල කිරීම සඳහා ආණ්ඩුව වැඩිකළ වැටුපෙන් පාටියක් යන තේමාව යටතේ විරෝධතාවක් සංවිධානය කර තිබුණි. එහිදී රාජ්‍ය සේවකයින් විසින් 2011 අයවැයෙන් තම වැටුපට එකතු වූ වැඩිකළ දීමනාවෙන් වෙනස් ආකාරයේ සංග්‍රහයක් පිළියල කර තිබුණි. එම දීමනාවෙන් ඔවුන් මිලට ගෙන තිබුණේ පාන් රාත්තල් 02ක් බී ළුෑණු ග්රූම් 250, පොල් ගෙඩි දෙකක්, සහ අමු මිරිස් කරල් සුළු ප්‍රමාණයකි. ඉන් පසු ඔවුන් තම සහෝදර සේවකයින් සමග එක් වී එම ආහාර භුක්ති විඳින ආකාරයක් ජාතික රෝහල ඉදිරිපිටදී රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී සහ තවත් වැඩබිම් කීපයකදී අප කැමරාවේ සටන් විය. ආණ්ඩුව වැඩිකළ දීමනාවෙන් මිලට ගත හැක්කේ එවැනි සුළු භාණ්ඩ ප්‍රමාණයක් බව ද එනිසා මින් පසු රාජ්‍ය සේවකයින් ඇතුළු ජනතාවට ලබාගත හැකිවන්නේ මෙවැනි ආහාර වේලක් බව එම අවස්ථාවට සහභාගී වූ සේවකයින් කියා සිටියහ.

පසුගිය නොවැම්බර් මසදී වර්තමාන ආණ්ඩුවේ 2011 අයවැය ලේඛනය පාර්ලිමේන්තුවේදී සම්මත විය. ඒ සම්බන්ධයෙන් වෘත්තීය සමිති ඇතුළු සියළුම දෙනාගෙන් එල්ල වූයේ දැඩි විරෝධයකි. එම අයවැය මගින් වැඩකරන ජනතාව සඳහා ආණ්ඩුවට ලබාදීමට හැකි වූයේ අන්තර් දීමනාව ද ඇතුළුව රු.1186 ක පමණ සොච්චම් මුදලක් පමණි. එම වැඩිකළ දීමනාව වැඩකරන ජනතාවට හිමිවනුනේ 2011 ජනවාරී මාසයේදී ය. නමුත් නොවැම්බර් සිට 2011 ජනවාරී මාසය වන විට ජීවන අංකය ඒකක 05 කින් වැඩිවී ඇති අතර එහි වටිනාකම රු.900/, (5 X 180) පමණ වේ. එනම් වැඩිකළ දීමනාවට ආසන්න මුදලකින් ජීවන අංකය ද වැඩිවී තිබේ.

මේ සම්බන්ධයෙන් වැඩකරන ජනතාවට ඇත්තේ දැඩි විරෝධයකි.


Tell a Friend