නව නාවික හමුදාපතිවරයෙක්

 ශ්‍රී ලංකා නාවික හමුදාවේ 17 වැනි නාවික හමුදාපති ලෙස රියර් අද්මිරාල් ඞී.ඩබ්ලිව්.ඒ.එස්. දිසානායක පත් කරන බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කියයි. නාවික හමුදාපති රියර් අද්මිරාල් තිසර සමරසිංහ අද අද්මිරාල් තනතුරට උසස් වීම් ලැබීය. ජනවාරි 15 වැනි දා ඔහු විශ‍්‍රාම යයි. නව නාවික හමුදාපති එදින වැඩ බාර ගැනීමට නියමිතය.